Breaking News
Loading...
August 7, 2012

Info Post
ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නාසා ආයතනය නිර්මාණය කළ අති නවීන කියුරියෝසිටි (කුතුහලය)  රොබෝ යානය අද සවස අඟහරු ග්‍රහයාගේ ගේල් ආවාටය වෙත ගොඩ බැස්වීය.
කියුරියෝසිටි රෝබෝ රෝවරය කාරයක් තරම් වූ විද්‍යාගාරය අඟහරුගේ දූවිලි තට්ටුව මත පතිත කිරීමට පැරෂුට් රොකට් හා අහස් දොඹකරයක් ද යොදා ගැනිණි.

එබැවින් යානය ගොඩබැස්සවීමට ගතවූ ”ත‍්‍රාසජනක මිනිත්තු හත” ”ජයග‍්‍රහණයේ මිනිත්තු හත” කරගත හැකි වී යැයි නාසා ප‍්‍රධාන විද්‍යාඥ ජෝන් ග‍්‍රන්ස් පීල්ඞ් කියයි.

ඇමෙරිකාවේ ජාතික ගුවන් හා ගගන පර්යේෂණායතනයට ටොන් එකක් බරැති මෙම යානය නිම කිරීම සඳහා වැය වී ඇති මුදල අමෙරිකා ඩොලර් බිලියන 2.5 කි. එනම්, ඇමෙරිකා ඩොලර් කෝටි 250කි, (රුපියල් කෝටි 33500) කි.

පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා ප්‍රථිවියෙන් ගමන් ආරම්භ කළ එය අඟහරු වෙත ළඟා වුයේ, කිලෝමීටර් මිලියන 570ක දුරක් ගෙවමිනි.

මේ රොබෝ රෝවරය න්‍යෂ්ටික බල ශක්තියෙන් යුක්තය. පොළොව සහ අඟහරු ග්‍රහායා අතර දුර ප්‍රමාණය කිලෝමීටර් විසි දෙකෝටි පනස් ලක්ෂයකි.

අඟහරු ලොවේ ජීවය ඇත්ද යන ප‍්‍රශ්නයට උත්තර සපයා ගැනීම මේ මෙහෙයුමේ ප‍්‍රධාන කාරියයි. අඟහරු ග්‍රහයාගේ ජීවය සොයා ගිය මෙම ගමන මානව ඉතිහාසයේ සන්ධිස්ථානයක් වනු ඇති බව නාසා විද්‍යාඥයෝ පවසති.

*** වැඩි විස්තර සඳහා පහත ඇති ලිපියද කියවන්න.



 කිව්රියෝසිටි අඟහරු විද්‍යාගාරය නිරුපද්‍රිතව අඟහරුමතට ගොඩබසී - ප්‍රථම ඡායාරූප මෙහෙයුම් මැදිරියට ලැබේ!

2011 නොවැම්බර් මස 26වැනි දින කැනවරල් තුඩුවේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරනලද අඟහරු විද්‍යාගාරය සහිත අඟහරු යානය අට මසකට වැඩි කාලයක්න් තුල කිලෝමීටර් මිලියන 567ක දුරක් මග ගෙවා අද (අගෝ. 6 සඳුදා) සැළසුම් කල පරිදිම අඟහරුවා මතුපිට ඇති "ගේල්" නම් විශාල ආවාටයේ පතුලට ස්වයංක්‍රීයව ගොඩබසින ලදී.

ගොඩබැසීමෙන් අනතුරුව කිව්රියෝසිටි රොබෝ යානයේ පරිගණකය මගින් යානයේ කැමරාවකින් ගන්නා ලද කළු-සුදු ඡායාරූප තුනක් නාසා පාළන මැදිරිය වෙත එවන ලදී. මෙම ඡායාරූප නාසා පාලන මැදිරියේ විශාල වීඩියෝ තිරය මත දර්ශණයවන විට කිව්රියෝසිටි යානයෙන් තොරතුරක් ලැබෙනතෙක් නොයිවසිල්ලෙන් සිටි නාසා පාළන මැදිරියේ විද්‍යාඥනයින් හා ඉන්ජිනේරුවන් සතුටින් ඉපිලෙමින් ඔල්වරසන් දෙන්නට වූහ.

ඩොලර් බිලියන 2.5ක පිරිවැයකින් නිර්මාණය කරන ලද කිව් රියෝසිටි රොබෝ විද්‍යාගාරය ටොන් 1ක් බරැති අතර නාසා ආයතනය විසින් වෙනත් ග්‍රහලොවක් වෙත යවන ලද විශාලතම ගවේශණ යානයවේ.

වෙනත් යානාවලට වඩා බරින් වැඩි බැවින් යානාව නිරුපද්‍රිතව ගොඩබස්වාගැනීමට "ස්කයි ක්‍රේන්" නම් නවතම ගොඩබැස්වීමේ උපක්‍රමයක් නිර්මාණය කරන ලද අතර එම උපක්‍රමය සාර්ථක වූ බවත්, යානය නිරුපද්‍රිතව අඟහරුමත ස්ථානගතවී ඇති බව යානයෙන් එවන ලද මුල් ඡායාරූප අධ්‍යයනය කල නාසා විද්‍යාඥයින් පවසයි.