ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් ඔලිම්පික් උළෙලකදී පිට පිට දෙවැනි වරටත් මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත් වුණා.
මෙවර තරඟය නිම කිරීමට ඔහුට ගත වුණු කාලය 9.63කි. 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 100 පිරිමි ඉසව්ව තත්පර 9.69කින් නිම කරන්නට
ඔහු සමත් වූ අතර ඒ අනුව මෙවර ඔහුගේ පසුගිය වාර්තාවම බිඳ හෙළමින් නව වාර්තාවක් තැබීමට සමත් වුණා.
මේ අනුව ඔලිම්පික් තරඟයකදී මීටර් 100 තරඟ ඉසව්වෙන් පිට පිටම රන් පදක්කම් දෙවතාවක් දිනූ දෙවන ක්‍රීඩකයා බවට උසේන් බෝල්ට පත් වෙයි. මීට පෙර ඇමෙරිකාවේ කාල් ලූවිස් එම වාර්තාව තබා තිබුණි. 1984 සහ 1988 වසරවල පැවැති ඔලිම්පික් උළෙලවලදී කාල් ලූවිස් විසින් පිට පිටම දෙවතාවක් මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම් දිනා තිබුණි.
ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම පැවැති මෙම තරඟයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ උසේන් බෝල්ට්ගේ පුහුණු සගයා වන යොහාන් බ්ලේක්ය. ඔහුට ගත වූ කාලය තත්තප 9.75කි. එහි තෙවන ස්ථානය ඇමෙරිකවේ ජස්ටින් ගැට්ලින් (9.79) විසින් දිනා ගත්හ.
සිය ජයග්‍රහණයෙන් අතිශය උද්දාමයට පත්වූ උසේන් බෝල්ට් ඔහුගේ සුපුරුදු නැටුම් රංගනයෙන් තරග නරඹන්නන් කුල්මත්කොට, ජාත්‍යන්තර මාධ්‍ය අමතා,
'බහුතරයක් හිතුවේ මම පරදියි (බ්ලේක්‌ට) කියා. ඒ අයගෙ එම සිතුවිලි මාව තවදුරටත් ශක්‌තිමත් කළා. නමුත් මම ටිකක් තිගැස්‌සිලයි හිටියේ. ආරම්භයත්, එම නිසාම ටිකක් පරක්‌කු වුණා. (ප්‍රතික්‍රියා වේගය තත්තපර 0.165), ඒත් හතරවටින් ඇහුණු ජය ඝෝෂා නිසා මම අපූරු ජවයක් ලැබුවා. දැන් විශිෂ්ටයා මමයි. ලොව අංක එක මමයි. හරිම සතුටුයි. මේ සියල්ල මගේ ඊළඟ ජයග්‍රහණය සඳහා (මීටර 200) උපයෝගි කරගන්නවා' යි බෝල්ට් පැවැසීය.
මේ අතර මීටර් 100 කාන්තා තරඟ ඉසව්වේ වේගවත්ම ගැහැණිය බවට පත් වූයේ ජැමෙයිකාවේම ෂෙලී ඈන් ෆේසර්ය. ඇය ඔලිම්පික් උළෙලකදී පිට පිටම දෙවැනි වරට වේගවත්ම කාන්තාව ලෙස රන් පදක්කම දිනා ගත්තාය.
අතිශය තියුණු තරඟයක් වූ කාන්තා මීටර් 100 තරඟ ඉසව්වේදී 25 හැවිරිදි ෂෙලී ඇයගේ තරඟය නිමා කළේ තත්පර 10.75කින් වූ අතර තත්පරයේ සියයෙන් තුනක (0.03)ක ප්‍රමාදයක් හේතුවෙන් 32 හැවිරිදි ලෝක ශ=රියක වන ඇමරිකාවේ කාමෙලිටා ජෙටර්ට දෙවැනි තැනට පත්වීමට සිදු විය. එම ඉසව්වේ ලෝකඩ පදක්‌කම හිමිවූයේ ජැමෙයිකාවේම වෙරෝනිකා කැම්ඛෙල්ටය.
මේ අතර උසේන් බෝල්ට්, පිටියෙන් පිටත ද තවත් ජැමෙයිකානු වාර්තාවක් පිහිටුවීය. ෆේස් බුක් වෙබ් අඩවියේ උසේන් බෝල්ට්‌ගේ මිතුරු මිතුරියන් සංඛ්‍යාව මිලියන 5 ක් සිටින ප්‍රථම ජැමෙයිකානුවා වීමේ වාර්තාවයි.
ඔලිම්පික් උළෙලේදී ලොව වේගවත්ම මිනිසා සහ ගැහැණිය ජැමෙයිකාවෙන්
Info Post