Breaking News
Loading...
August 7, 2012

Info Post
කැලිෆෝනියාවේ පිහිටි ෂඣභ නම් සමාගම විසින් බෞද්ධ දර්ශනයට අගෞරව වන අයුරින් බුදුන්ගේ රුව සහිත පාවහන් විශේෂයක් නිෂ්පාදනය කර තිඛෙනවා.
මීට එරෙහිව ටිඛෙට් හා භුතාන් පිරිස් අන්තර්ජාලය ඔස්සේ සිය විරෝධය පළ කර තිඛෙන නමුත් එම සමාගම මේ සම්බන්ධව කිසිදු තැකීමක් නොකරන බවද පැවසේ. මම පාවහන් විශේෂයේ

අඩියට යොදා ඇති බුදුන්ගේ රුව ඉවත් කරන මෙන් ටිඛෙට් නායකයින් ඉල්ලීම් කර තිඛෙන බවද වාර්තා වනවා.

         උතුරු ඇමෙරිකානු ජාතික ටිඛෙට් පාර්ලිමේන්තු සභික ටෂි නම්ජියාල් විසින් සිය විරෝධය පළ කරමින් එකී සමාගමට ලිපියක් යොමු කර තිඛෙනවා. එම ලිපිය මඟින් ඔහු පෙන්වා දෙන්නේ පාවහන් යුවළ අඩියේ ඇති බුදුන්ගේ රුව දැකීමෙන් තමන් වඩාත් සංවේදී වූ බවයි. එසේම එම ක්‍රියාව පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් සඳහන් කර තිබේ.

         මිලියන ගණනක පිරිසක් වන්දනාමාන කරන බුදුන් වහන්සේගේ රුව වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බවත් මේ සඳහා සැලකිය යුතු අන්දමේ නිදහසට කරුණු කිසිවක් නොමැති බවත් එම ලිපියෙන් ඔහු පෙන්වා දෙයි.  එසේම අදාළ සමාගම නිෂ්පාදනය කරනු ලබන කිසිදු නිෂ්පාදනයකට බුදුන්ගේ රුව ඇතුළත් කර නොගන්නා ලෙස අදාළ ලිපියෙන් ඉල්ලා සිටී.

      කාන්තා පාවහන් හා අත් බෑග් නිෂ්පාදනය කරනු ලබන බව කියන ෂඣභ නැමැති එම සමාගම 1999 වර්ෂයේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙක් විසින් ස්ථාපිත කරනු ලැබූවෙකැයි පැවසේ.