පක්ෂියා යානයේ දැවටුනු මොහොතේ ගුවන් යානයේ විශාල
සෙළවීමක්...
යානයේ ගමන් ගත් අපි හැමෝම වාසනාවන්තයි...
ඇමෙරිකාවේ කොලරාඩෝ ගුවන් තොටුපොළේ සිට මගීන් 151 දෙනකු රැගෙන ඩලාස් ගුවන් තොටට පියාසර කරමින් තිබූ ගුවන් යානයක විශාල පක්ෂියකු හැපීමෙන් යානයේ ඉදිරිපස කොටසට දැඩි අලාභහානි සිදුවිය.
බොයිං 737 ගුවන් යානය ජූලි 31 වැනි දා මෙම අනතුරට මුහුණ දුන් විගස යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වූ ස්ටිව් කොවල් වොෂින්ටන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සංනිවේදන කුලුන හා සම්බන්ධ වෙමින් ගුවන් යානය ඩෙන්වර් ගුවන් තොටුපොළට ගොඩ බැස්ස වීය.
යානයේ ගමන් ගත් අපි හැමෝම වාසනාවන්තයි හංසයකු තරම් විශාල මෙම පක්ෂියා ගුවන් යානයේ ඉදිරි පස වීදුරුවේ හෝ සුළං පෙතිවල දැවටුණේ නම් සිදුවන විනාශය හිතාගන්නත් බැහැ පක්ෂියා යානයේ දැවටුනු මොහොතේ ගුවන් යානයේ විශාල සෙළවීමක් ඇති වුවත් මෙම සිදු වීම මම මගීනට පැවැසුවේ නැහැ. ඒ ඔවුන් අනිසි බියක් ඇති කරගන්නා නිසා යැ‘‘යි නියමු කොවෙල් කියයි.
ගුවන් යානයකට කුරුල්ලෙක් කල හදියක්...
Info Post