Breaking News
Loading...
August 1, 2012

Info Post
සැමියා රූමත් තරුණියක් නිවසට රැගෙන විත් ඇය සමග මාස කිහිපයක්ම පවුල් කාලා...
බිරියන් පස් දෙනා මේ පිළිබඳව දැඩි ඉරිසියාවක් හා වෛරයක් ඇති කරගෙන...

නයිජීරියාවේ බෙනු පළාතේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ යුරොකෝඔනේජා (45) තම බිරින්දෑවරු පස් දෙනාගේ ලිංගික අතවරයන්ට ලක්ව හදිසි හෘදයාබාධයකින් මියගිය බව ඬේලිපෝස්ට් පුවත්පත කියයි.

උරෝකෝ නිවසේ වෙසෙන තම බිරියන් පස්දෙනාට අමතරව මෑතක තවත් රූමත් තරුණියක් නිවසට රැගෙන විත් ඇය සමග මාස කිහිපයක්ම එක දිගට පවුල් කා තිබේ.

මේ පිළිබඳව දැඩි ඉරිසියාවක් හා වෛරයක් ඇති කරගෙන සිටි පෙර බිරියන් පස් දෙනා පසුගිය දිනක අලූයම තුනට පමණ උරෝකෝ නිවසට පැමිණි මොහොතක පිහි පොලූ අතැතිව ඔහුව කාමරයකට දමා බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීම හේතුවෙන් හදිසි හෘදයාබාධයකින් උරෝකෝ මියගොස් ඇත.

කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් නයිජීරියානු පොලිසිය ඉතිරි තිදෙනා සොයයි.