Breaking News
Loading...
November 17, 2012

Info Post
ඇමරිකාවේ ඔක්ලහාමා ප්‍රදේශයේ වාසය කරන කැතී හිල්ස් සහ ඇගේ පෙම්වතා වන ඒරින් ඇන්ඩෘස් සුවිශේෂී පෙම්වතුන් යුවලකි.

ඔවුන්ගේ විශේෂත්වය වන්නේ මොවුන් දෙදෙනාම මෙලොව එලිය දුටුවේ විරුද්ධ ලිංගිකයන් ලෙසටයි.

18 හැවිරිදි කැතී උපත ලැබුවේ මේරින් කොලෝනල් හට පුතකු ලෙසින්. උපන් දා සිට වසර 15ක් ලුක් නමින් පිරිමි දරුවකු ලෙස හැදී වැඩුන ඔහු සිය 16 වන උපන්දිනයේ දී නැවතත් අළුත් උපතක් ලැබුවා.

ඒ හෝමෝන වෙනස් කිරීමේ සැත්කමක් මඟින් ගැහැණු දරුවකු වීමෙන්.
මේ වනවිට 16 වන වියේ පසුවන ඒරින් උපත ලැබුවේ එමරල්ඩ් නම් ගැහැණු දරුවකු ලෙසටයි. ඇය බැලට් නර්ථනයේ ප්‍රවීණ නර්ථන ශිල්පිණියක් සේම රූප රාජිණියන් තේරීමේ තරඟ වලදී ජයග්‍රහණයන් ද ලබා තිබෙනවා.

උසස් අධ්‍යාපනය හදාරමින් සිටින ඒරින් මේ වන විට පුරුෂයෙකු ලෙස වර්ධනය වීමට අවශ්‍ය ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන අවශ්‍ය මාත්‍රාවෙන් ලබාගෙන අවසන් බවයි පැවසෙන්නේ.

එසේම උපාදිධාරිණියක වන කැතී ද කාන්තාවක් ලෙස වර්ධනයට අවශ්‍ය ඊස්ට්‍රජන් හෝමෝනය එන්නත් කිරීම නිමා කර ඇති අතරම ඇයගේ පියයුරු සිලිකන් සැත්කමකින් තොරව ස්වභාවිකවම වර්ධනය කරගැනීමට සමත් වී තිබෙනවා.

කැතී පවසන්නේ වයස අවුරුදු 3 දී සිටම ඇයට ගැහැණු දරුවකු වීමේ අවශ්‍යතාවය තිබූ බවත් ඇයට තිබූ පිරිමි ශරීරයට දැඩි අකමැත්තක් දැක්වූ අතර බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමට ඉතා කැමැත්තක් දැක් වූ බවත් ය.

එසේම කාන්තාවක් වීමට පෙර උවද ඇයට AA කප් ප්‍රමාණයේ පියයුරු තිබූ බවත් ඇය පවසනවා.

එසේම කැතීගේ මෙම සංවේදී කතාව ඇසූ නම හෙළි නොකරන ලද පුද්ගලයකු විසින් ඩොලර් 40,000 ක පරිත්‍යාගයක් ද ඇය වෙනුවෙන් කර තිබෙනවා. ඒ ඇයගේ 18 වන උපන්දිනය පසු වී දින 4ක දී.

තමන් දෙදෙනාම එකම ගැටළුවකට මුහුණ දුන් අය නිසා ඉතාමත් හොඳින් ගැලපෙන බවත් අංගසම්පූර්ණ සහකාරියක් සහ සහකරුවෙක් ලෙස ඔවුනොවුන්ට හැඟෙන බවත් ඒරින් සහ කැතී වැඩිදුරටත් පවසා සිටිනවා.

ඔවුන්ගේ වීඩියෝවක් හා ජායාරූප පහතින්.