October 21, 2012

Info Post
බොලිවුඩ් හි සුපිරි තරු ත්‍රිත්වයක් වන අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන් සහ කත්‍රිනා කයිෆ් පසුගියදා ඉන්දීය රූපවාහිනී නාලිකාවක පැවැති වැඩස‍ටහනක දී අපූරු නර්ථනයක නිරත විය.

මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සමඟ ලොව පුරා දැඩි උමතුවක් ඇති කිරීමට සමත්වූ ගැන්ග්නම් ස්ටයිල් නර්තනය අනුගමනය කරමින් මෙම සුපිරි තාරකා ත්‍රිත්වය එහිදී නර්තනයෙන් දායක විය.

මෙම නර්තන සම්ප්‍රදායේ නිර්මාණකරුවා වන්නේ ප්‍රකට කොරියානු ගායක පාර්ක් ජේසන් ය. ඔහුව වැඩිපුරම හඳුන්වනු ලබන නාමය වන්නේ ‘සායි’(PSY) යනුවෙනි.

ඔහු විසින් 2012 ජුනි 05වැනිදා ගීත රූප රචනාවක් එළි දැක්වූ අතර එය රචනා කර ඇත්තේ යූ ගන් හයි‍න්නේ ලෙසිනි. එම ගීත රාමු රචනයට යොදා ගත් මෙම නර්තන සම්ප්‍රදාය දකුණු කොරියාවේ ගැන්ග්නම් දිස්ත්‍රික්කයේ සෝල් නුවර වෙසෙන ජන කොට්ඨාසයක ජීවත් වන මිනිසුන්ගේ ජීවන රටාවේ රිද්මය විදහා දක්වමින් මෙම රිද්මානුකූල නර්තනය නිර්මාණය කර ඇත.

සායිගේ මෙම වීඩියෝව මේවන විට මිලියන 360ක් පමණ දෙනා යූ ටියුබ් හරහා නරඹා ඇති බවද වාර්තාවේ. එසේම යූ ටියුබ් හරහා වැඩිදෙනෙක් නැරඹූ වීඩියෝ දහය ආසන්නයට ද පැමිණ තිබේ.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by