සුප‍්‍රකට ඉන්දීය ප‍්‍රමුඛ ලීග් තරගාවලිය අතරතුරේදී බොලිවුඞ් තරුවකට අයිති කණ්ඩායමක් තරග දිරිගන්වන්නියක් ගණිකා වෘත්තියේ නිරත වීමේ චෝදනා මත පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සානා මනීෂ් චීරාවාලා නැමැති 22 හැවිරිදි මෙම තරුණිය පූනේ ප‍්‍රදේශයේ තරු පහේ සුපිරි හෝටලයක සිටියදී පසුගිය 17 දින පූනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සානාට අමතරව, ඇගේ නියෝජිතවරිය වන සීමා ජග්තාප් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එන්.ඞී.ටී.වී. පුවත් සේවයේ දැක්වේ.
සානාගේ සේවය ලබා ගැනීමට ගැනුම්කරුවෙකුට එක් රාති‍්‍රයකට ඉන්දීය රුපියල් ලක්ෂ 1.5ක් ගෙවිය යුතුබවද පොලිසිය පවසන බව ද එහි වැඩිදුරටත් දැක්වේ.
