Breaking News
Loading...
October 19, 2012

Info Post
ගඩාෆි ඝාතනයෙන් වසරකට පසුව මානව හිමිකමි විමර්ශකයන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් අනුව ගඩාෆි හා ඔහුගේ පුත‍්‍රයා ඇතුළු තවත් 66 දෙනෙකු අත්අඩංගුවට ගත් කැරලිකරුවන් ඔවුන් සමූල ඝාතනය කර ඇති බවට මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත.
මෙම වාර්තාව පිටු 50 කින් සමන්විත වන අතර 2011 ඔක්තොමිබර් 20 වනදා ගඩාෆි අත්අඩංගුවට ගත් මොහොතේ සිට ඔහුගේ අවසන් මොහොත දක්වාම විස්තර මෙහි ඇතුලත් වන බවද විදෙස් පුවත් තව දුරටත්  පෙන්වා දෙයි.

මෙම වාර්තා අනුව කුරිරු වද හිංසාවට ලක් කල ගඩාෆි ඇතුළු පාක්ෂිකයෝ 66 දෙනෙකු සාහසික ලෙස මරා දමා ඇති බවද ඔවුන් සඳහන් කරයි.

ගඩාෆි 2011 අගෝස්තු මාසයේ අග භාගයේ ඔහුගේ නිවස තුල තම විශ්වාසවන්තම පාක්ෂිකයකු සමඟ කුරානය කියවා දෙවියන් යැද ඇති බවත් මෙම වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම මෙම සියළු වාර්තා ගඩාෆි ඝාතනයෙන් දින 2 කට පසුව මාධ්‍ය වෙත ප‍්‍රසිද්ධ කර ඇත.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by