Breaking News
Loading...
April 22, 2012

Info Post
පාරේ යන වාහනවලට අත දමා වාහනයට නැග ටික දුරක් ගොස් අතුරුදන් වෙනවලු ...
සුදු ඇඳගත් ගැහැණියක් මහ රෑ වීරගුල පොලිස් වසමට අයත් ගෝනගල, ගොරකදෙනිය, පිලංකඩ ප්‍රදේශවල මහපාරේ සැරි සරතියි කියන කතාව බොරු භීතියක් මවා පෑමේ සිද්ධියක් විය හැකියි කියන වීරගුල පොලීසිය රාත්‍රී මුර සේවා තර කැර තිබේ.

මෙය මිනිසුන් අස්ථානයේ බිය ගැන්වීම සඳහා කරන ක්‍රියාවක් විය හැකි බැවින් ඒ ගැන සොයා බලන්නැයි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර මහතා පසුගියදා වාරණ පන්සලේදී පැවැති සාකච්ඡාවකදී වීරගුල පොලීසියට උපදෙස් දී ඇත.

පාරේ යන වාහනවලට අත දමා වාහනයට නැග ටික දුරක් ගොස් අතුරුදන් වෙතියි කියන මේ ගැහැණියට බිය වූ අය සිටිතියි කටකතා ලැව් ගින්නක් මෙන් පැතිර යයි.

සිද්ධියට මුහුණ පෑ ත්‍රි රෝද රථ රියදුරන් එම අත්දැකීම විස්තර කොට තිබුනේ මෙසේය.

සුදු හැඳගත් ගැහැණු ළමයෙක් ත්‍රිවිලයට අත දමා නවත්වා ඇති අතර ත්‍රිවිලය නැවැත්වූ පසු ඇය එයට ගොඩ වී ඇත්තේ ත්‍රි රෝද රථ රියදුරාගේ උරහිසටද අතක් තබාගෙනය.ටික දුරක් ගොස් බලන විට එම කාන්තාව අතුරුදන්වී ඇති බවත් තමාගේ උරහිස ඉස්සීමට නොහැකි බවත් ත්‍රි රෝද රථ රියදුරන් කිහිපදෙනෙකුටම දැනී ඇත.

තවත් එක ත්‍රිරෝද රථ රියදුරෙකු මෙම අත්භූත කාන්තාව සිය රථයේ නංවාගෙන ටික දුරක් යනවිට තුරුදන් වී තිබේ.නැවත ඔහු ගෙදර පැමිණ ස්නානය කරන විට නිවසේ ජාල ටැංකිය අසලින් එම කාන්තාව මතුවී ඇත.

කෙසේ නමුත් සිද්ධියට මුහණ පෑ පුදගලයන් මෙම සිදුවීමෙන් කම්පනයට පත්වී ඇති අතර මේ අතර කට කතාද සීග්‍රයෙන් පැතිරගොස් තිබේ.

ප්‍රදේශවාසීන්ගේ භීතිය තුරන් කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර මහතාගේ අදහස වන්නේ මෙය මිනිසුන් අස්තානයේ බියකිරීමට ගොතන ලද කතාවක් බවයි.


සුදු හැඳගත් කාන්තාව ගැන සිරස ටීවී ඉදිරිපත් කළ විකට අංගයක්

මේ පුවත කියවද්දී අපට මතක්වන්නේ රූපවාහිනී විකට අංගයකි. මේ සැකයට බියට ජනතාව දක්වන ප්‍රතිචාර ඇසුරෙන් පසුගිය කාලයේ සිරස ටීවී හිනා ඉනා වැඩසටහනක් සිදු කර තිබුනේ රාත්‍රී සුදු හැඳගත් කාන්තාවන්ට ඇත්තටම බියවන ත්‍රීරෝද රියදුරන් පරීක්ෂා කිරීමටය’
පහත පළවන්නේ ඒ අංගයයි