Breaking News
Loading...
April 22, 2012

Info Post
එහි මිල ඇමෙරිකා ඩොලර් 60 කි.
රුපියල් නම් 7800  ක්...
මිහිතල දිනය වෙනුවෙන් උතුරු ඇමෙරිකාවේ පිලිප්ස් සමාගම විසි වසරක ආයු ඇති එල් ඊ ඩී විදුලි බල්බයක් නිපදවයි.


සූති‍්‍රකාවක් වෙනුවට LED යොදාගෙන නිපදවා ඇති මෙම විදුලි බුබුලේ  මිල ඇමෙරිකා ඩොලර් 60 කි. (රුපියල් 7800 කි)වොට් දහයේ මේ බල්බයෙන් වසරකදී ඇමෙරිකාවට ඇමෙරිකා ඩොලර් කෝටි 390ක් ගෙවත් රුපියල් කෝටි 50700ක් ඉතිරිවෙයි.
පරිසරයට එකතුවන කාබන් මෙට්‍රික් ටොන් දෙකෝටියක්ද කපා හැරේ. ඇමෙරිකාවේ නිවෙසක සාමාන්‍යයෙන් බල්බ් 45ක් පාවිච්චි කරන නිසා රුපියල් ලක්ෂ තුන හමාරක් හෙවත් ඩොලර් 2700ක් වැය කර එකවර අලුත් බල්බ මිලට නොගනිතියි කියති.


අද (22) මිහිකත දිනය නිමිත්තෙන් ඊට සමාගාමීව විසි වසරක් දැල්වෙන බවට පැවසෙන මෙම විදුලි බුබුල අද දින ඇමෙරිකාවේ දී එළිදැක්වින.

මෙම විදුලි බුබුල නිෂ්පාදනය කර ඇත්තේ ඉලෙක්ට්‍රොනික් ලොව දැවැන්තයෙකු වන නෙදර්ලන්තයේ ෆිලිප්ස් සමාගම විසිනි.

වොට් හැටේ බල්බය වෙනුවට විකල්ප නිෂ්පාදනයක් තේරීම සඳහා ඇමෙරිකාවේ බලශක්ති අමාත්‍යංශය විසින් පවත්වනු ලබන බ‍්‍රයිට් ටුමාරෝ (දීප්තිමත් හෙට දවසක්) යන තරගයේ ජයග‍්‍රහනය කර ඇත්තේ මෙම  විදුලි බුබුලයි.
කෙසේ වෙතත්, පැය 30,000කට වැඩි ප‍්‍රමාණයක් දැල්විය හැකි මෙම බල්බය දිනකට පැය 4ක් බැගින් අවුරුදු විස්සක් දැල්වෙන බව ෆිලිප්ස් සමාගම කියයි.