Breaking News
Loading...
April 4, 2012

Info Post
සුප්‍රකට ක්වීන් එළිසඛෙත් මගී නෞකාව පසුගිය සතියේ කොළඹ වරායට පැමිණියා
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය හා  වරාය අධිකාරිය ඔවුන් පිළිගැනීමට උත්සවයක් ද සංවිධාන කර තිබුණා
මෙම නෞකාව එක්සත් රජධානියේ කර්නාඩ් සමාගමට අයත් වන්නක් වන අතර
එංගලන්තය ඕස්ටේ්‍රලියාව ජපානය, දකුණු අප්‍රිකාව සහ ප්‍රංශය යන රටවලින් 2000කට අධික සංචාරකයන් පිරිසක් එයින් පැමිණ තිබුණා

පිහිනුම් තටාකයක්, ශ්‍රවණාගාරයක්, ව්‍යායාම මධ්‍යස්ථානයක් සහ අවන්හලක් යනාදී අංගෝපාංගවලින් මෙම නෞකාව සමන්විත බව කියැවෙනවා

කෙසේ වෙතත් නෞකාව ලංකාවේ රැඳුනේ දවසකට අඩු කාලයකටයි
ඔවුන්ගේ මීළග ගමනාන්තය වන මුම්බායි බලා එදින ම පස්වරු හයට නෞකාව පිටත් ව ගොස් තිබුණා
මෙම වසර අවසාන වනවිට මෙවැනි නෞකා 20ක් දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වනවා.