Breaking News
Loading...
April 4, 2012

Info Post
ඊමේල් ඉන්ටර්නෙට් නිසා දැන් ලංකාවේ පෝස්ට් ඔෆීස් වලට සෙනසුරු දසාවය
දිගු කලක් තිස්සේ ජනතාවට සේවය සැලසූ ටෙලි ග්‍රෑම් සේවයද නවතා දැමුවේ පසුගියදාය. ඇතැම් නාගරික ප්‍රදේශවල රජයේ වෙන් කරන මුදලට උප තැපැල් කන්තෝරුවක් පවත්වා යන්නට පවා ඉඩක් සොයාගන්නටද බැරිය.

වසර 100 කට වැඩි ඉතිහාසයක් ඇති නුවරඑළිය තැපැල් කන්තෝරුවද වසා දමා එය වසන්ත සමය සඳහා සංචාරක බංගලාවක් බවට පත් කර තිඛෙන බව දැන් වාර්තා වනවා.

1894 ඉංග්‍රීසි යුගයේ අරඹන ලද මේ තැපැල් කන්තෝරුව ලංකාවේ නාගරික තැපැල් කන්තෝරු අතර සුවිශේෂ ස්ථානයක් දිනාගෙන තිබුනේය.

මින් වසර කිහිපයකට පෙර ලෝක තැපැල් දිනය සැමරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ මුද්දරයක් සඳහාද මේ අලංකාර ගොඩනැගිල්ලේ රුව යොදා ගනු ලැබූයේ එම ඓතිහාසික ගාම්භීරත්වය විදහා දක්වන්නටය.

නමුත් මේ වන විට එය සංචාරක බංගලාවකි. මේ තාක් එහි ඉහළ තට්ටුව පෝස්ට් මාස්ටර්වරයාගේ නිල නිවස ලෙස භාවිත කර තිබුණ අතර එහි කාමර දැන් වෙන් වෙන් වශයෙන් වසන්ත සමයේ අමුත්තන්ට අලෙවි කරන්නට නියමිතය.
මෙම ආදායම තැපැල් දෙපාර්තමේන්තු අරමුදලට බැර කෙරෙන බවද වාර්තා වනවා.