Breaking News
Loading...
March 17, 2012

Info Post
පසුගියදා ඇමති විමල් වීරවංශ මහතා පැවසූ පරිදි ශ්‍රී ලංකාව ඇමරිකානු බඩු වර්ජනය කිරීමට යොමුවීමෙන් පසුව ඇමරිකාවද ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා භාණ්ඩ වර්ජනයක කලහොත් ශ්‍රී ලංකාවට වාර්ෂිකව හිමි වන ශුද්ධ පාඩුව ආසන්න වශයෙන් රුපියල් කෝටි 19,999.62 ක් බව ගනන් බලා තිබෙනවා.
(ඩොලර් මිලියන 1599.73ක මුදල ඊයේ (15) දිනයට අදාලව ඇමරිකානු ඩොලරය රු. 125ක් ලෙස සලකූ විට)

ශ්‍රී ලංකාවේ ඇමරිකාවට අපනයනය කරනු ලබන ද්‍රව්‍ය වල වටිනාකම හා සසඳා බලනවිට ඇමරිකාවෙන් මෙරටට ගෙන්වනු ලබන්නේ ඉතා සුළු භාණ්ඩ ප්‍රමාණයකි.

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන භාණ්ඩ වල වටිනාකමට වඩා දස ගුණයකටත් වඩා වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ ප්‍රමාණයක් ඇමරිකාවට යවන බව රේගු වාර්තා මඟින් හෙළිදරව් වෙනවා.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් නිකුත් කර ඇති වාර්තාවට අනුව 2010 වසරේදී ඇමරිකාවෙන් ඩොලර් මිලියන 168.15ක හෙවත් රුපියල් මිලියන 21,018.75ක භාණ්ඩ ආනයනය කර ඇති අතර ශ්‍රී ලංකාව එම රටට යවා ඇත්තේ ඩොලර් මිලියන 1767.88ක හෙවත් රුපියල් මිලියන 22,085ක වටිනාකමක් ඇති භාණ්ඩ ඇති බව හෙළිවේ.

ආසන්න වශයෙන් එම අගයන් අතර වෙනස දස ගුණයකි. එසේ වුවහොත් ලංකාවට විශාල ආර්ථික අර්බුධයකට මුහුණ දීමට සිදුවේ.

මේ අතර ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා කැබිනට මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ මැක්ඩොනල්ඩ්, කොකාකෝලා, ජීමේල් වලින් ඉවත්වෙලා ඇමරිකානු සන්නාම් අවර්ජනය කරන්න කියලා විමල් වීරවංශ අමාත්‍යවරයා කියූ ප්‍රකාශය ආණ්ඩුවේ අදහසක් නොවන බවයි.

මගේ අමාත්‍යාංශය තාමත් ජීමේල් භාවිතා කරනවා. ආණ්ඩුව විවිධ පක්ෂ වල එකතුවක්. එක ඇමතිවරයෙක් කරපු මෙම ප්‍රකාශයට ආන්ඩුවේ කිසිම අදාලත්වයක් නැතැයිද එතුමා වැඩිදුරටත් සඳහන් කලා.

-අද පුවත්පතෙනි-

විමල්ගේ ඇමරිකන් විප්ලවය ගැන ටාසන් බාප්පා ගැයුවේ මෙලෙසිනි