Breaking News
Loading...
March 17, 2012

Info Post
මම මේ ලිපිය ආරම්භකරන්නේ නදීෂා හේමමාලීනම් වූ රංගන වේදිනිය මීට කලකට පෙර කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් ලෙස මාධ්‍ය විසින් හුවා දක්වනු ලැබූ ලිංගික ශ‍්‍රමිකයන් නොහොත් ගනිකා වෘත්තිය පිළිබදව සිහිපත්කරවමිනි.
නදීෂාගේ ප‍්‍රකාශයට අනුව මේ රටේ නිළ වශයෙන් ගනිකා වෘත්තිය නීති ගත නොකළාට එවැනි සේවයක් මෙරට ස්ත‍්‍රීන් නොයෙදුනානම් මෙරට පිරිමින් තම දරුවන් , අම්මාවරුන් . සහෝදරියන් ,අසල්වැසි කාන්තාවන් සහ වයසක ආච්චිලා ද ලිංගික ව  බලහත්කාරව බාවිතා කරන්නට පෙළඹෙන බවත් ,ගෙයින් එළියට නොයා සිටින්නට සිදුවිය හැකි බවත් ඇය මාධ්‍ය සාකච්ජාවකදී ප‍්‍රකාශකර තිබිණි.

අපි දැන් ඒ කතාව පසෙකින් තබා මේ රටේ පසුගිය කාලය පුරා නිළියන් ගනිකා වෘත්තියෙ යෙදුනා යැයි පවසමින් මාධ්‍ය ගෙන හැර දැක්වූ තොරතුරු දෙසට හැරෙමු. ජිනා මැඩම් ප‍්‍රසිද්දියට පත්වූයේ ඇය යටතේ ලිංගික ශ‍්‍රමිකයන්(ගණිකාවන්) ලෙස සේවය කළ බොහෝ කාන්තාවන් වෙත දේශපාලනඥයින් පැමිණී නිසාමය.

ඇයව අත් අඩංගුවට පත්වන්නට හේතුව වන්නේත් මෙරට දේශපාලන ලොක්කෙකුගේ  පුත‍්‍රයෙකු මෙහි සේවාලාභියෙකු ව සිටි නිසා බව බොහෝ අය දන්නා රහසක් බවට පත්විය.
එමෙන්ම සුරේණි සෙනරත්නම් රංගන ශිල්පිණීයකද ලිංගික ශ‍්‍රමිකයන් ගේ (ගණිකාවන්ගේ) සේවය අන් අයට සපයා දෙන බවත් , ඇය කිහිප වරක්ම නීතිය හමුවට පමුණුවා ඇති බවත් මාධ්‍ය තුළින් අපට දැනගතහැකිවිය.

තවද මිරිහාන පොලීසියේ පොලිස් මහත්වරු විසින් සේවාලාභීන් ලෙස පුද්ගලයන් යොදවා මෙරට ගනිකා වෘත්තිය මැඩලීම සදහා උපක‍්‍රම අනුගමනය කරමින් ටෙලි නාට්‍ය නිළියන් ගනිකා වෘත්තියේ යෙදී සිට අසුවුනායැයි මාධ්‍ය වළට පුරාජේරු පෙන්වූහ.
පොලීසිය අද වනවිට කාගේ හෝ අතක නැටවෙන රූකඩ වන බැවින් මිනිසුන්ට පොලිසිය විසින් කරන කියන දෑ පිළිබදව ඇත්තේ දැඩි පිළිකුලක් ,තරහක් සහ එපා වීමකි. එය වෙනම කතාවකි.

දේශපාලන හෙන්ච්මන්්ලාගේ උවමනාකම් පිරිමසන බොහෝ පොලිසියේ අය ගැන මිසක් අවංක පොලිස් නිලධාරීන් පිළිබදව මිනිසුන් තුළ අදටත් ඇත්තේ ආදරයකි.  අපි පොලිස් කෝළම පසෙකින් තියමු.
ලංකාව , සිංහල,දෙමළ මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී විවිධ ජාතීන්ගේ රටකි. මෙය සිංහල – බෞද්ධ රටක් යැයි ව්‍යවහාරයේ පවතී. මම මේ ලිපියේදී  ඒ ලෙසම හදුන්වන්නේ මේ රාජ්‍ය කරන පාලකයින් සිංහල බෞද්ධ  යැයි කියාගන්නා නිසා මිසක් මෙය සිංහලකමත් නැති, බෞද්ධ කම ගෑවිලාවත් නැති නායකයින් කරවන රටක් මිසක වෙන සාඩම්බර ආසියාවේ ආශ්චර්යයයක් නොවන බැවිනි.

කෙසේ වුවද මේ සිංහල බෞද්ධ රටේ සිදුවන පැහැර ගැනීම්, ස්ත‍්‍රී දූෂණ , ළමා අපචාර , දේශපාලන බලපුලූවන්කාරකම්වල සහ දූෂණ – වංචා සහ සිංහල බෞද්ධ නායකයින් ම මිනීමරන්නට , පැහැර ගෙන යන්නට සෘජුවම දායකවන මේ රටේ බොහෝ මාධ්‍ය ආයතන විවිධ සංදර්ශන පවත්වමින් , බොරු ගොතා ලියමින්  ,කියවමින් මෙරට වසර 30ක් තිස්සේ තිබූ යුද්දයෙන් රට බේරා ගත් අභීත නායකයින් මොන පිස්සුව කෙළියත් පාන් අහස උසට ගනන් ගියත් පෙට්ට‍්‍රල් ඞීසල් මිළ අහස උසට ගියත් ගෑස් විදුලි -ජල බිල් ආහාර ඇතුළු සියළු දේ අහස උසට ගියත්  තමන්ගේ දුව කුදලාගෙන ගියත් තමන්ගේ එකා ව මරා ගත්තත්   මාධ්‍ය මගින් ජනතාව නිර්වින්දනය කරමින් සිටින අපූරුව මනරම්ය.

එක පසෙකින් ආසියාවේ ආශ්චර්යයේ නෙථම් පොකුණක් අනුන්ගේ මුදලින් සහ අනුන්ගේ මැදිහත්වීමෙන් සාදා තමාගේ නම් ගම් ගසා  සාදා හමුදාවට බාර දෙන අතර, රෙජීමයේ කොන්ත‍්‍රාත් ගෙන සිනමා කරුවන්යැයි කියාගන්නා අය රෙජීමයේ සිනමා ව්‍යාපෘති වළ නිරතව මෙරට මහා සිනමා කරුවෝ චිත්තරපටි හදති. මේවා පාසල් ළමුන්ටද පෙන්වීම අනිවාර්ය කරති. ඒ අයම ගයාන් පෙරේරාගේ ටිකෙන් ටික ගීතයට වාරණ නියෝග නිකුත් කරන අතර වෙනත්  ඕනෑම කුනුහරුපයක් ස`දහා කිසිදු වාරණයක් කරන්නට බලකරන්නේ නැත.

හාමුදුරුවරු ගෑනු දරුවන් පමණක් නොව පිරිමි දරුවන් ද අපයෝජනය කරන විට (මා සිංහල බෞද්ධ සංකල්පීය රට ක ලෙස ගෙන මෙම ලිපිය ලියන බව නැවත මතක් කරමි . එමෙන්ම මේ පරම පූජනීය බෞද්ධ ශාසනයට වින කටින අන්‍යාගමික සංකල්පය තුළ සිට නොලියන බවද සදහන් කිරීමට කැමැත්තෙමි.)  දේශපාලක හෙන්ච්මන්ලා කෙල්ලන් දූෂණය කොට ඇළ -දොළවල්වල  ,ගංගාවල කැලෑවල මරා දමන විට  ,භාරත මැරූ අයට නිදැල්ලේ සිටින්නට ඉඩ තබන මේ සිංහල – බෞද්ධ රටේ මාධ්‍ය සංදර්ශන මගින් මිනිසුන්ගේ ජීවන බර ඇතුළු සියළු පීඩාවන් සමනය කරදෙන්නට මේ මාධ්‍ය සැදී පැහැදී සිටිති.
මේ මාධ්‍යය අතර රූපවාහිනී මාධ්‍ය මේ සියල්ලන් අතරම ප‍්‍රමුඛතාවක් ගනී . ඒ මෙගා ටෙලි නාට්‍ය සහ රියැලිටි වැඩසටහන් මගින් කරනා මේ නිර්වින්දන කර්තව්‍යට එරෙහිව හෝ මේ කර්තව්‍යයෙහි සූක්‍ෂම බව වසන් කරවා ගන්නේ මේ සියල්ල තුළට දේශපාලනය ඈදා ගනිමිනි.

පැට්ට‍්‍රික් රත්නායකනම් වූ මහාචාර්යවරයා ශ‍්‍රී ලංකා මිරර් වෙබ්  අඩවියේ මාධ්‍යවේදිනියක හා කළ සාකච්ජාවකදී කියා තිබුනේ කැබිනට් ඇමතිවරු ටෙලි නාට්‍ය  සදහා නිළියන්  තෝරා ගන්නට බලපෑම් සහ යෝජනා කරණවා යනුයි.

මෙරට ටෙලි නාට්‍ය වළ රගපාන බොහෝ නිළියන් ට දේශපාලනඥයින් සමග අන්තර් සම්බන්ධතා ඇති බව ප‍්‍රසිද්ධ රහසකි. ඒ නිළියන් ඒ මගින් තම තමන්ගේ රගපාන ටෙලි නාට්‍ය ඉක්මණින් විකාශය කරගැනීම  සදහා රජයේ මාධ්‍ය ආයතනවල ගුවන් කාලය ලබා ගනී .
පෞද්ගලික නාලිකාවල ටෙලි නාට්‍ය විකාශය කරවා ගැනීමට නාලිකා ප‍්‍රධානීන්ට දොළ පිදේනි ද , නාලිකා අයිති රජානන්ලාට නිළියන්  ද දිය යුතුය.මේවා කරන බ්‍රෝකර්වරු ,ගල්සාදුලා මෙරට මහාරාජාවරුන්ට පවා ගෑනු ළමයින් සපයති . මෙවැනි කාරණා නිසා අධ්‍යක්‍ෂකවරයා යනු නාමික අයෙක් පමණක් වන අවස්ථා ද ඇත. බ්‍රෝකර්වරුන්ට(පො‍්‍රඩක්ෂන් හවුස් අයිති අයට )  ඕනෑ අන්දමට හසුරුවා ගතහැකි අධ්‍යක්‍ෂකවරුන් යොදවා ගනිති.  අධ්‍යක්‍ෂකවරුන් ද පහසුව තකා එවැනි ඉල්ලීම්වලට යටත් ව තම තමනගේ කොදු ඇට කුඩු පට්ටම් කරගනිමින් මේ  වෘත්තියේ නිරතවේ.

මේ නිසා හැදෙන ටෙලි නාට්‍ය යැයි කියනා විකාර දෙස මෙරට ජනතාව බැන බැන හෝ බලා සිටිති.මේ ජනතාවම පබා වැනි චරික රගපෑ උපේක්ෂා ස්වර්ණමාලිලා ට ජන්දය දී පාර්ලිමේන්තුවට පත්කර එවති. ජනතාව මෝඩද? අපි මෝඩද ?උපේක්ෂලා මෝඩද ?නොදනී. ඊ ළග මහ මැතිවරණය වන විට මේ ලෙස ජනතාව රවටා ජන්දය ගන්නට ආණ්ඩුවේ නාලිකා ටෙලි නිර්මාණ තුළින් චරිත සාදා කවුරු හෝ නිළියක් කරළියට ගෙන එනු ඇත. අපේ රටේ ජන්ද දායකයෝ  ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජ වාදය ගැන මෙලෝ හසරක් නොදන්නා නිළියක්  ජනතාව නියෝජනය කරන්නට පාර්ලිමේන්තුවට එවනු ඇත.

මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන භාර්යාවෝ ටෙලි නාට්‍ය මේ බළධාරීන්ගේ ඇස්වළට නොපෙනෙන්නේ එය රාජපක්‍ෂ රෙජීමයේ ලොකුපුතාගේ(විමල් වීරවංශ පංඤායුධ කුමාරයාගේ  බිරිද නොහොත් ශෂී වීරසිංහ නිෂ්පාදනය කරණු ලබණ නිසා විය යුතුය. එහි ඇති විකාර වළට ගෙවල් වළ ගෑනු සහ පිරිමි අතර නැති ප‍්‍රශ්න ඇතිවනවා පමණක් නොව කාන්චනා මෙන්ඩිස් රගපාන නිළියකගේ චරිතය තුලින් හුවා දැක්වන්නේ මෙරට නිළියන් තම ලිංගික අවශ්‍යතා සදහා  තරුණ කොල්ලන් භාවිතයට ගන්නා බවයි.
තරුණ කෙල්ලන්ව විවාහයට පරිබාහිරව පිරිමියෙකුට තබාගන්නට හැකිනම් ගැහැනිය නිළියක් වුවද , වෛද්‍යවරියක් ,ගුරුවරියක්  .හෙදියක් කම්කරුවියක් ද ව්‍යාපාරිකාවක් ද යන්න අදාල නොවේ.

මේ නාට්‍ය මගින් කතාකරන මාතෘකාව නිසි සමාජ වගකීමකින් යුතුව කතාකරනවානම් එය සමාජය තුළ, පවුල් ඒකක තුළ, සමාජ විද්‍යාත්මක පදනමකින්  සාකච්ජාකළ හැකි දෙයක්නම් කමක් නැත. එහෙත් මේ නාට්‍ය තුළින් ඇති කරවන්නේ එවැනි මානසිකත්වයක් නොවේ.

මේවා සමාජෙයේ ඇති බහුශ‍්‍රත තියරි තුළට දමා විග‍්‍රහ කරනවාට වඩා මෙලෙස සරලව කීම තුළින් මෙය කියවන පාඨකයා අකුරු කියවන්නට දන්නවානම් කියන්නට උත්සාහ කර ඇත්තේ කුමක්දැයි වටහා ගනු ඇත.

මේ  පවතින ටෙලි නාට්‍ය බිස්නස් එක තුළ, (එය ව්‍යාපාරයක් කියනවාට වා බිස්නස් කියා කිවූ විට මිනිසුන්ට වඩාත්  තේරුම් ගතහැකිය යන්න මම විශ්වාස කරමි.*ගනිකා වෘත්තියේ යෙදෙන නිළියන්යැයි එක ටෙලි නාට්‍ය ක හෝ එක දර්ශනය ක පෙනීසිටින අය පවා නිළියන් ලෙස හදුන්වා දෙන මාධ්‍යකරුවන් ම මේ අය පොලීසිවලට කොටුකරගත් පසු මේ අය ගැන පතුරු ගසා තම මාධ්‍යය ට අවදානයක් ලබා ගැනීමට උත්සාහ කරති.

එහෙත් රියැලටි සහ වෙනත් සංදර්ශන තුළින් මෙරට සමාජයට මේ වෘත්තීය වෙතට තල්ලූකරණු ලබන තරුණියන්ගේ වගතුග ගැන මෙරට මාධ්‍ය කතානොකරණ තරම්ය.  ඒ යථාර්ථය ඔවුන් නසන් කොට මේ රියැලටි වැඩ සටහන් වළට මේනම් මෙයින් තෝරගන්නා අයව පුවත්පත් මගින්  වෙළ`ද වටිනාකම් සාදා දෙති.

දැන් සිරස කුමරිය පටන් ගන්නට සූදානමක් පවතී. දෙරණ නාලිකාව මිස් ශ‍්‍රී ලංකා සදහා මූලිකත්වය ගෙන ක‍්‍රියා කරති. ජාතික රූපවාහිණීය , ස්වාධීන රූපවාහිනී ආයතන මේවාට සෘජුවම අත නොගැසුවත් බක්මහ කුමරියෝ තෝරා ගම්වල සිටින කෙල්ලන්ට සිය ආත්මය නැති කරගන්නා තැනට වැඩ සලස්වති. මේ ආකාරයෙන් ගත්විට සිරස ඉතිහාසයේ සිටම මේ රියැලටි වැඩසටහන් වල ප‍්‍රමුඛයා ලෙස කෙල්ලන් කොල්ලන් සමාජයට හ`දුන්වා දීමේ ද ප‍්‍රමුඛතාව ගනු ලැබීය. ගම්වළින් එන මේ කෙල්ලන් සහ කොල්ලව් මේ තර`ග අවසානයේ පිටව යන්නේ තමන්ගේ විළි බිය පමණක් නොව ගමෙන් ගෙනා හැදියාවද මාධ්‍ය කරුවන් අත තබාය. කොණ්ඩා වෙනස් කර ගනිති. ඇදුම් පඅළදුම් වෙනස් කර සංකර ලෝකයක අතරමං වෙති. මේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් ගායිකායෝ ර`ගලාති. නිළියෝද රගපාති. කටඑඩින් ෂල්ලි උපයන්නට ගොසින් ශරීරයම විකුණන්නට සිදුනොවනාවායැයි කිවහැක්කේ කාටද?

සිරස සුපර්ස්ටාර් මුල් තරගයේ දක්‍ෂ ගායන හැකියාවක් තිබූ මෙන්ම රූමත් බවක් ද තිබූ ගමක කෙල්ලකට කරණ ලද ලිංගික යෝජනාවකට අකමැති වීම හේතුවෙන් ඒ කළම ඒ දක්‍ෂ තරුණියට එම 5දෙනා අතරින් ඉහළට එන්නට නොහැකිවූ බව ඇය පවසා තිබිණ.  මගේ මතකය නිවැරදිනම් සුපර්ස්ටාර් ස`දහා ඉදිරිපත්වූ කෙල්ලන්ට සිරස මහත්වරුන්ගෙන් අයුතු යෝජනා එමට තිබී ඇත. එහි අදද වෙනසක් නැතුවා ය.
එමෙන්ම ස්වර්ණවාහිනියේද මේ සෙල්ලම දිගටම වෙමින් පවතී. නිවේදිකාවෝ ස්වර්ණවාහිණියේ ලොක්කන්ගේ ලිංතික උවමනා කම් පැහැර හරින තැන සිට ඔනවුන්ට කැපිළි එයි.

සිරස ඩාන්සින් ස්ටාර් වැඩ සටහනට  ගමෙන් පැමිණී  කෙල්ලන්ට  මහරාජා මහතා ගෙන් මෙන්ම නාලිකා ප‍්‍රධානී අයියලාගෙන් විශේෂ වරප‍්‍රසාද ලැබී තිබුණි. මේවා ඔප්පු කරන්නට බැරි ඒවා නොවේ. මේ සියළු නාලිකා වල ප‍්‍රධානීන් යැයි කියාගන්නා බොහෝ අය එම තරගවලට ඉදිරිපත්වන කෙල්ලන්ට කරන ලිංගික බලපෑම සු`ථ පටු නොවේ. ඉල්ලන ඇට -මස් ලේ දන්දී හෝ ඒ ඉල්ලීම් ඉෂ්ඨ කර තම සිහිනයේ කිරුළ දැරීමට සහ ඒ ලබන මුදල්  ,වාහන . ගෙවල් , දොරවල්  ,තෑගි ස`දහා මෙරට  මාධ්‍ය මෙන්ම වෙළද සමාජය ඇය ව එතැනට මානසිකව තල්ලූ කර හමාරය.
ඔබ ජීවත්වන්නේ කුමන ලෝකයකදැයි තරුණියකගෙන් ඔබ අසා බලන්න…..

ඇය නිසැකවම පිලිතුරු දෙන්නේ හරිම සුන්දර ලෝකයක කියා විය හැකිය.
එහෙත් අප ජීවත්වන්නේ පුරුෂ මූලික සමාජයක හෝ ලෝකයක කියා උත්තරයක් දෙන්නට තරම් අවබෝධයක් තිබෙන්නේ කීයෙන් කී දෙනාටද?

විශ්වවිද්‍යාලවල සමහර මහාචාර්යවරු-  ආචාර්යවරු සිසුවියන් පේ‍්‍රම සබදතාවලට පටලවාගනිමින් ලිංගිකව බාවිතයට ගනිති.
දේශපාලකයෝත් අනන්ත අප‍්‍රමානව තරුණියන්ව ලිංගිකව සූරාකති.

මෙරට පිරිමි සමාජයේ ගැහැනිය ලිංගික මෙවලමක් ලෙස නොදැක මනුස්සයකු හැටියට දකින පිරිමි සිටිනවාද යන්න පවා ගැට`ථවකි.
මා එසේ නැතැයි නොකියන්නේ මා අවට සමාජයේ එවැන්නන් මා ඇසුරු කරන නිසාය.
එහෙත් සමස්ථයනම් පිරිමින්ට ගැහැනිිය ලිංගික මෙවලමක් පමණි.
මේ බව හොදින් දන්නෝ මේ නිසාම විවිධ උපක‍්‍රම මගින් මෙරට තුළ මේ සදහා තරුණ කෙල්ලන්ට පාරවල් සාදා දෙන්නේ භාණ්ඩයක් ලෙස සමාජ ගතවන්නටය.
කුමරියන් තොරමින් සුපර් ස්ටා්ර්ස් ලා තෝරමින් මේ මාධ්‍ය ආයතන සියල්ලම  විසින් කරණු ලබන මේ ගැහැනු දඩයම මෙරට සමාජයට ඇති කරණු ලබන්නේ යහපතකි.
නදීෂා හේමමාලිට අනුව මානසික රෝග සහ සමාජ භීතියක් තුරන් කරන්නට අවස්ථාව ලබා දීමකි.

එය සමාජ විද්‍යාඤයින්ට අනුව සාධාරණය. ලෝකයේ බොහෝ රටවල ලිංගික ශ‍්‍රමික වෘත්තිය(ගනිකා වෘත්තිය) නීති ගත කර ඇත. ඒ රටවල ඒවාට නිසි ක‍්‍රම වේද සකස්කොට තිබේ.

පාරවල් අයිනේ සැගවී හයි ස්පීඞ් අල්ලන්නට බලා සිටිනා පොලීසිය ම ගනිකාවක් සමග දුරකථනයෙන් ගනු දෙනු කතාකොට පොලිසියට කුදලාගෙන එන්නේ මහා උජාරුවෙනි.

උන්ට අම්මලා නැත. සහෝදරියන් නැත. අඹුවක් නැත. දරුවන් නැති නපුංසකයන්ය.
එහෙත් රූපවාහිනී මාධ්‍ය  ආයතන මගින් ගනිකා වෘත්තීය සදහා සමාජ ගතකරණ තරුණියන් තම ජීවිතය ගොඩ දාගන්නට කෙසේ හෝ තම අහිමි වූ ජීවිතය ආත්මය ගොඩ ගනු පිණිස වැටුණු කටෙන්ම ගොඩ ඒමට උත්සාහ කරති.
මෙරට සමාජය ට මේ ලිංගික ශ‍්‍රමිකයන් (ගණිකාවන්) මේ යොමුකරවණූ ලැබීමේ වගකීම මේ සියළු රූපවාහිනී නාලිකා සහ සහමර මුද්‍රිත මාධ්‍ය වගකීම සෘජුවම බාරගත යුතුව ඇත.

පොලිසිය සහ සංස්කෘතික ඇමති ,බෞද්ධ ශාසන ඇමති,  පාඨලී චම්පික  ,විමල් වීරවංශලා . ආ(නා)චාර්ය මර්වින් සිල්වලා. තෛනිකායක මහා සංඝයා වහන්සේලා සාරධර්ම ගැන කෑ මොරදෙන විද්වතුන් සහ ගොරාලා -මරාලා -නාමරා -බැරා ලා ආදී සකල දේශපේ‍්‍රමී , සමාජ පේ‍්‍ර්‍්‍රමී ,සංස්කෘත පේ‍්‍රමී සහ සකල පේ‍්‍රමීන්ට මේ රූපවාහිනී මාධ්‍ය ආයතනවළින් සමාජයට එකතු කරණ මේ ලිංගික වෙළදාම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති පිළිබ`දව තේරුණත් නොතේරුණා සේ සිටී.
විශ්වවිද්‍යාල උපාධිය ලබනා අයට රැුකියා දී ගැනීමට නොහැකි රජයක් එතැනින් එහා අධයාපනය නතර කරගන්නා බහුතරයකට විවිධ රියැලටි වැඩසටහන් මගින් රැුකියා සපයා දීමේ කොන්ත‍්‍රාත්තුව බාරගෙන ඇති මාධ්‍ය ආයතනවල වැඩසටහන් අහෝසි කරන්නට හෝ  වහා තහනම් කරන්නට කි‍්‍රියාකළ නොහැක.
මේ සියල්ලන්ටම මේ සේවය අත්‍යාවශ්‍යය . ප‍්‍රශ්නය වන්නේ සිංහල  – බෞද්ධ ,වසර 2600ක උරුමයක්  ,මහා සංස්කෘතියක් ඇති රටක මේවා ප‍්‍රසිද්ධියේ කිරීමට  , නීත්‍යානුකූල ගත කිරීමට අවසර ලබා දීමට ඇති නොහැකියාවය.
ඒ නිසා පොලීසිය මේ කාන්තාවන්ට චන්ඩි  පාර්ට් දමති.
කාට හෝ මේ ලිපිය කියවන අයෙකුට මේකා මොන මැටි මෝලෙක්ද මේ සිරස කුමරිය හෝ වෙන කුමරි ලා හෝ සුපර්ස්ටාර් ලා ෙමි කියනා පරිදි ලිංගික භාණ්ඩ වන්නේ කෙසේද? මේ ලියන එකා තනිකර මොට්ටයෙක්.

මේවා මේ වසර 2500ක ඉතිහාසෙක ඉදන් තිබුණ දේවල් මහරජා කරත් , සිරස කරත් ,දෙරණ කරත් ස්වර්ණවාහිණිය කරත් කවුරු කරත් මේවා නවත්තන්නෙ කොහොමද? මොකද මේවා නවත්තන්නනම් ඉතින් ,….. කියා සිත යටින් සිනාසෙන්නට පුළුවන. ඒ සිනාසෙනවානම් ඒ සිනාසෙන්නේ කාටදැයි තමන්ටම විමසා බැලිය හැකිනම් ?
කෙසේ වුවද මෙරට රූපවාහිනී ඉතිහාසය වසර 30ක කාලයකි. සිනමාව ට 65කි.ටෙලි විෂනය එන්නට පෙර මෙරට සිනමා කලාව තුළ කාන්තාවන්  මෙරට මේ තරම් ව්‍යසනාත්මක ලෙස මේ ගනිකා වෘත්තියේ නොයෙදුනත් මුදලට ම නොගියත් ගල්සාදුලා වැනි සමහර නිෂ්පාදක බො‍්‍රා්කර්වරුන් නිළියන්ව අද තරමටම වෙළදාමේ නොයෙදුවත් , කැමති කෙනෙකු සමග යහන් ගතවී ජීවිතය විදගන්නට . සම්බන්ධකම් පවත්වාගෙන යන්නට ඔවුන් නිදහස වොදවා ගත්තේය.

විවෘත ආර්ථික ක‍්‍රමය තුළ හදිසියේ පහළවුණු මුදලාලි පැලැන්තිය මෙන්ම සල්ලි කාර වටපිටාවක පාරිභෝගික සමාජ ක‍්‍රමයක මිනිසුන් ට රූපවාහිනී මාධ්‍ය සහ වෙළද ප‍්‍රචාරණ මාධ්‍ය තුළින් මූනෙ ගාන්නට- කන්නට -බොන්නට ,කාය වර්ධනය කරගන්නට ,සුව පහසුව විදගන්නට, ලිංගික ප‍්‍රභෝදය ලබන්නට  ,තරුණියන්ගේ සම පැහැපත්ව. මුහුණ සුදුව තියාගන්නට . ඇග සිහින් කර ගන්නට , කකුල් වැක්ස් කර තියාගන්නට නොයෙක් දේ කරන්නට පොළඹවා ලනු ලැබූ අතර නිළියක් වන්නට රූප ශෝභාවෙන්  අගතැන් පත්ව මෙරට සමාජයේ වඩාත්ම මිළ ලබන්නිය බවට පත්වන්නට පොළඹවා ලීම් කරණු ලැබීය .

මේ සියළු රූපවාහිනී වැඩසටහන් තුළට ප‍්‍රවිශ්ඨ වන තරුණියන් ට ඇත්තේ එකම අපේක්‍ෂාවකි. ජනප‍්‍රියවීම සහ මුදල් උපයා ගැනීමයි. එයට අවශ්‍ය ක‍්‍රම වේදය නාලිකා තුළින්ම සකසාදෙණු ලබයි.
මේ සමාජ චක‍්‍රය තූළ ආගමට  .සංස්කෘතියට. පොලිසියට කළ හැකි දෙයක් තිබේද?

මහරාජා . දිලිත්ලා . සංගීතලා. සෝමා එදිරිසිංහලා ඇතුළු සියළු නාලිකා  ප‍්‍රධානීන් මේ සියල්ල තුළ තම ආයතන මෙන්ම   වෘත්තීය ස්ථාවරත්වය ගොඩ නගාගෙන ඇත.

ගැහැනු සුදුවීමට ක‍්‍රීම් ප‍්‍රතික්ෂේප කළොත්? කුමරිය වන සිහින අත් හැරියෝත්  ,ගායිකාවක වන සිහින අත් හැරියොත්  ,තම ශරීරය විකිනීම නතර කළහොත් මේ සමාජයේ මේ සියළු වෙළදාම් වළට කුමක් සිදුවිය හැකිද? කොටස් වෙළද පොළ කඩා වැටෙනු අතිද? සිය`ථ රජානන්ලාට කුමක් වනු ඇතිද?  ඇමතිවරු බලය අත්හරිණු ඇතිද? ඉන්දියාවෙන් මේ ස`දහා සහාය පතනු ඇතිද? නැතහොක් සුදු වෑන් වළින් උස්සා ගෙන ගොස් මේවා කරන්නට බලපෑම් කරණු ඇතිද?

පිරිමි මූලික සමාජයේ ටෙලි විෂන් තුළින් විකිණීමට සාදන , පිරිමින් විසින් ඇති දැඩි කරණ තරුණ ස්ත‍්‍රීන්ගේ  වංශකතාවේ  ඉතිරි ටික පසුව කියවමු.(මතු සම්බන්ධයි)

2 comments:

  1. hmm. mona karannada.

    ReplyDelete
  2. mema lipiya pala kala tanatta wani minisun vartamana samajaye daknata nolabeema dukata karunaki.. oba wani minisun devicaru nta samanaya...

    ReplyDelete