Breaking News
Loading...
March 17, 2012

Info Post
මහනුවර නගරයේ මාර්ග අවහිර කරමින් මුදල් හම්බ කිරීම සඳහා නගරයේ වීදිවල රාත්‍රි කාලයේ මෝටර් රථ "රේස්‌" පැවැත්වීම අමනෝඥ ක්‍රියාවක් බව අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ඛිත ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ පවසනවා.
උන්වහන්සේ ඒ බව පවසා ඇත්තේ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා හමුවූ අවස්‌ථාවේදීය.

මෙවන් තරඟ මහනුවර නගරයේ පැවැත්වීම සුදුසුදැයි උන්වහන්සේ ජනාධිපතිතුමාගෙන් විමසා ඇති අතර ජනාධිපතිතුමාද මේ ගැන දැනුවත් නැති බවයි උන්වහන්සේ ඊයේ අයිලන්ඩ් පුවත්පතට පවසා ඇත්තේ .

මෙහි නිල රූපවාහිණී අනුග්‍රහය දක්වන්නේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ක්‍රීඩා නාලිකාවයි.

මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් ධාවනය වන මෙය මහනුවර පැවැත්වෙන දෙවන රාත්‍රී මෝටර් රථ තරඟය වන අතර මෙවර දෙස් විදෙස් මෝටර් රථ ධාවකයින් සහභාගිවීමට නියමිතයි.

කිලෝමීටර් 1.6ක දුරක් ධාවන දුරකින් යුත් මෙය අද රාත්‍රී 9.00 සිට හෙට පාන්දර දක්වා තරඟය පැවැත්වීමට සූදානම් කර ඇති අතර තරඟාවලියට යතුරු පැදි ධාවන තරග ඉසව් හතක් හා මෝටර් රථ ධාවන ඉසව් 11 ක් අයත්ය.

ශී‍්‍ර ලංකා යතුරු පාදි ධාවකයින්ගේ සංගමය හා කැන්ඩි ඕෆ් රොඩ් ඇන්ඩ් ඇඩ්වෙන්චර් සංගමය මෙම තරගය සංවිධානය කර තිබෙනවා.