සංවේදී අය බැලීමෙන් වලිකින්න- තියුණු කඩු පහරකින් දකුණු අතේ වැලමිට ළඟින් වෙන් වී ගිය අතක් සාර්ථක ලෙස බද්ධ කිරීමට
කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරු සමත්වී තිබෙනවා. මෙලෙස කඩු පහරට ලක්වී ඇත්තේ පානදුර කළුදෑවල පදිංචි 17 හැවිරිදි තරුණයෙකි. කඩු පහරින් අත වෙන්වී ගිය තරුණයා පළමුව පානදුර රෝහලට ඇතුළු කොට ඉන්පසුව කොළඹ ජාතික රෝහලට එවා තිබුණා.
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය තුෂාන් බෙනරගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන සහ සහ වෛද්‍ය ඩී.එස්.කුමාර විසින් පෙරේදා (ජූනි 1 වැනිදා) සිදුකරනු ලැබූ මෙම සැත්කම සඳහා පැය 9 ක පමණ කාලයක් ගොස් තිබුණා. සැත්කමින් පැය 24 කට පසුව රෝගියාව සාමාන්‍ය වාට්‍ටුවකට මාරුකරනු ලැබීය. රෝගියා මේ වනවිට ක්‍රමක් ක්‍රමයෙන් සුවය ලබන බවට වාර්තා වෙනවා.
එම වෙන්වූ අත බද්ධ කරන ආකාරය දැක්වෙන ඡායාරූප පහතින්
කඩු පහරින් වෙන්වූ අත සාර්ථකව බද්ධ කරයි
Info Post