Breaking News
Loading...
May 28, 2012

Info Post
සිය දරුවට ප‍්‍රමුඛත්වය දැක්වීම පිළිබඳව ඓයිෂ්වර්යාට ප‍්‍රශංසා නොඅඩුව...


සිරුරේ බර වැඩිවීම හේතුවෙන් පසුගිය කාලය පුරාවට දැඩි දෝෂදර්ශනයට ලක්වූ සුපිරි බොලිවුඞ් නිළි ඓයිෂ්වර්යා රායි බච්චන් පසුගිය 24දා කෑන්ස් රතු පලස මත පෙනී සිටියාය.

රනින් වැඩදැමූ කී‍්‍රම් පැහැයට හුරු සාරියකින් සැරසුනු ඓයිෂ්වර්යා තමා තවමත් ’ලොව රූමත්ම කාන්තාව’ බව ඔප්පු කළාය.

එදිනම පෙරවරුෙව්ද ඇය කළු හා සුදු මිශ‍්‍රිත මැක්සි ගවුමකින් සැරසී සිටියාය.වසර 1994 දී ලෝක රූ රැජින වූ ඓයිෂ්වර්යා රායි පසුව බොලිවුඞ් සිනමාවේ අතිසාර්ථක නිළියක් බවට පත්විය.


මනී රත්නම් ගේ ඉරුවර් චිත‍්‍රපටියෙන් රිදී තිරයට පිවිසි ඇය, ජීන්ස්, හම් දිල් දේ චුකේ සනම්, දේව්දාස්, තාල්, මොහොබ්බතේන්, දිල් කා රිෂ්තා,කුච් නා කහෝ, ජෝදා අක්බර් හා ගුසාරිෂ් ඇතුළු චිත‍්‍රපටි රැුසක රඟපෑවාය.

මීට අමතරව බ‍්‍රයිඞ් ඇන්ඞ් ප්‍රෙජුඞීස්, මිස්ට‍්‍රස් ඔෆ් ස්පයිසස්, චෝකර් බාලි වැනි චිත‍්‍රපට ඔස්සේ ඇය ජාත්‍යන්තර ජනපි‍්‍රයත්වයට පත් වූවාය. ඓෂ්වර්යා යනු ‘ලොව රූමත්ම කාන්තාව’ බව සුපිරි හොලිවුඞ් නිළි ජූලියා රොබර්ට්ස් විසින් ප‍්‍රකාශ කර තිබුණි.මේ වන විට බොලිවුඞ් නළු අභිෂේක් භච්චන් හා විවාහ වී සිටින ඓයිෂ්වර්යා, පසුගිය නොවැම්බරයේදී සිය කුළුඳුල් දියණිය බිහි කළාය.

දරු උපතට පසුව සිරුරේ බර වැඩිවූ ඓයිෂ්වර්යාගේ ඡායාරූපයක් අන්තර්ජාලයේ පලවීමෙන් අනතුරුව ඇතැමුන් පවසා තිබුනේ වික්ටෝරියා බෙකම් වැනි ජාත්‍යන්තර තරු මෙන් දරු උපතට පසු යළි සිරුරේ බර අඩු කරගැනීමට ඓයිෂ්වර්යා පියවර ගත යුතු බවයි.


මෙවැනි දේ කණට නොගත් ඓයිෂ්වර්යා පවසා තිබුනේ තමාට මාතෘත්වය විඳීමට අවශ්‍ය බවයි.කෙසේවෙතත්, සිය සිරුරේ හැඩයට වඩා සිය දරුවට ප‍්‍රමුඛත්වය දැක්වීම පිළිබඳව ඓයිෂ්වර්යාට ප‍්‍රශංසාද නොඅඩුව ලැබුණි.