
අල්-කයිඩා සංවිධානය සමග සම්බන්ධකම් ඇති අල්-නුස්රා තස්ත‍්‍රවාදීන් සිරියානු සොල්දාදුවන් 11 දෙනෙකු ග‍්‍රහනයට ගෙන ඔවුන්ව ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් එළිදක්වා ඇත.
මෙම වීඩියෝවේ තස්ත‍්‍රවාදියා කතා කරනුයේ සෞදි උච්චාරණයකිනි මෑතකදී අන්තර් ජාලයේ ප‍්‍රවාරය වුන වීඩියෝවක් වන අබු සකර් නැමති පුද්ගලයෙක් සිරියානු සොල්දාදුවෙකුගේ ඉන්ද්‍රියක් බුදින අයුරු ඇති වීඩියෝවේ අබු සකර් අක්මාවක් බුදින බව පැවසුවත් ශෛල්‍ය වෛද්‍ය වරයෙකු පවසා සිටියේ එය අක්මාව නොව පෙනහැල්ලක කොටසක් බවයි.
එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම මෙය ඉතාමත් අමානුෂික කි‍්‍රයාවක් බවත් යුධ අපරාධයක් ලෙස සැලකෙන මෙම කි‍්‍රයා පිළිබද විභාග කල යුතු බවත් ප‍්‍රකාශ කර ඇත. මෙම යුද්ධය හේතුවෙන් සිරියානු සොල්දාදුවන් මෙන්ම ආරක්ෂක නිලධාරීන්ද බොහෝ සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර මෙම යුද්ධය ගෙනයෑමේ ප‍්‍රධාන උවමනාව ඇත්තේ විදේශ රට වලට බව පැවසේ.
sumudu · 618 weeks ago