පිටසක්වල යානයක් පැමිණ එහි සිටින්නන් ගලවා ගනු ඇති බවට විශ්වාසයක්...
ලූ ෂෙන්ගායි ඩොලර් 160000ක් වන තම සියළුම ධනය මායා වරුන්ගේ ලෝක විනාශයෙන් ගැලවෙනු පිණිස තමාගේම නෝවා නැවක් සෑදීම සඳහා වියදම් කර තිබෙනවා.
ගංවතුරෙන් තම නිවස යටවූ පසු මෙම බෝට්ටුව තමා හා පවුල ආරක්ෂා කරනු ඇතැයි ඔහු ප‍්‍රකාශ කරනවා. ලූ විසින්ම නිර්මාණය කර ඇති මෙහි දිග අඩි 65 ක් වන අතර නිමවූ පසු බර ටොන් 80ක් වනු ඇතැයි චීන මාධ්‍ය වලින් කියනවා. එක් අතකින් බලන විට ලූ තනිවී නැත.
අගෝස්තුවේ ඬේලි නිවුයෝර්ක් වාර්තා කලේ තවත් චීන මිනිසෙක් සුනාමි හා සියළු ජල ගැලීම් වලට ඔරොත්තු දෙන පාවෙන බෝලයක් සෑදීමට වසර 2ක් ම ගත කර ඇති බවයි. එය ලූ ගේ පැතලි අඩි බත්තලට වඩා ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙනවා.
මේ අතර ප‍්‍රංශයේ ඇතමුන් බුගරාච් කන්දට පිටසක්වල යානයක් පැමිණ එහි සිටින්නන් ගලවා ගනු ඇති බව විශ්වාස කරයි. පොලීසිය සහ ගිණි භටයන් සිය ගණනක් මේ නිසා දැනටමත්
ප‍්‍රදේශයට ඇතුළු විය නොහැකි වන ලෙස ආරක්ෂා කර තිබෙනවා.
මායාවරුන්ගේ කැලැන්ඩරයේ 2012 දෙසැම්බර් 21 දිනට දක්වා ඇති ඉරණම් දවස ලෝක විනාශය නොවන බව පැහැදිලි කිරීමට විද්‍යාඥයන් සහ පර්යේෂකයන් මහත් වෙහෙසක් දරනවා.
මායා සංස්කෘතිය පිලිබඳ විශාරදයන් කියන්නේ මායාවරු 2012 ට වඩා ඉදිරි කාලවල සිද්ධීන්ද දක්වා ඇති බවයි. මෙවැනි අදහස් මායා වරුන් පමණක් නොව 2012 මැයි මස ජේසුස් වහන්සේ නැවත පෙනී සිටින දිනකදී ලෝක විනාශයක් වන බව දේශනාකරුවකු වූ රොනාල්ඞ් මෙයින්ලන්ඞ් ද කියා තිබෙනවා.
ලෝක විනාශයෙන් බේරීමට නැවක් හැදු මිනිසෙක්…..
Info Post
sana · 647 weeks ago