පසුගිය 12 වනදා විශේෂ ඉලක්කමකින් යුතු දිනයක් සටහන්වූ ආකාරය හැමතැනම කථා බහ වුණා. වසර දහසකට වරක් එළැඹෙන 12-12-12 මේ අපූරු දිනයේ ඇ`ගිලි 12 ක පිරිමි දරුවෙකු උපන් පුවත වාර්තා වූයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙනි.
එම දරුවාගේ උපතේදී අතක ඇගිලි 5 ක් වෙනුවට 6 ක් ඇති අතර අත් දෙකේම ඇ`ගිලි 6 බැගින් ඇ`ගිලි 12 ක් පිහිටා ඇත.
කේරළයේ කොට්ටයම් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක මේ දරු උපත සිදුවුණා. දරුවාගේ පියා වන ෂානු රියදුරෙකි. මවගේ නම නිව්යාය. 12-12-12 දින උදේ 9.07 ට සාමාන්‍ය දරු උපතක් ලෙස මෙම දරුවා ප්‍රසූත කළ බවත් 12 වැන්න සමරන දිනයක ඇගිලි 12 කින් උපත ලැබීම හාස්කමක් ලෙස සකන බවත් ඔවුන් කියනවා.
සැත්කම් සිදු කර දරුවාගේ අනවශ්‍ය ඇ`ගිලි ඉවත් නොකරන බවද ඔවුන් මාධ්‍යයට පවසා තිඛෙනවා.
12-12-12 දවසේ කේරළ ප්‍රාන්තයේ උපන් ඇගිලි 12 දරුවා
Info Post