Breaking News
Loading...
November 1, 2012

Info Post
ඇමරිකාවේ තරුණ මවක් මාස නවයකදී මව්කිරි ලිටර් 325ක් දොවා උතුරු ටෙක්සාන් හි මව් කිරි බැංකුවට පරිත්‍යාග කිරීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
28 හැවිරිදි ඵක් දරු මවක් වන ඇය ග්‍රෑන්ස්බරියේ ඇලීචියා රිචමින් ය. තම කුඩා බිළිදා වෙනුවෙන් ඇයට ඵරුණු මව්කිරිවලින් අතිරික්තවූ වූ කිරි දොවා මෙම බැංකුවට ලබාදී තිබේ.

“මගේ දරුවා වෙනුවෙන් මට ඵරෙන කිරි ප‍්‍රමාණය හිතාගන්නත් බැහැ. මම වැඩට ගිය අවස්ථාවෙදි, නිවාඩුවේදි, මොටර් රථයේදි කිරි දෙව්වා. මගේ කිරි තවත් බිළිදුනට පරිත්‍යාග කිරීමට හැකි වීම ගැන මම සතුටුවෙනවා” යනුවෙන්  ඇලීචියා පවසා ඇත.

කිරි දොවා පරිත්‍යාගත කිරීමෙන් ඇය විසින් කළ කාර්යය ගිනස් පොතට ඇතුළත්වන බවද වාර්තාවේ.