Breaking News
Loading...
October 28, 2012

Info Post
කාන්තාවන් පැහැරගෙන බලහත්කාරයෙන් කෙලසා මරා ඔවුන්ගේ මස් ආහාරයට ගන්නා පොලිස් නිලධාරියෙක් පිළිබඳව ඇමරිකාවෙන් වාර්තා වේ.

අදාළ පොලිස් නිලධාරියා කොටුකර ගැනීමට ඇමරිකා එෆ්.බී.අයි. පොලිසියට හැකි වූ බව එහි සහකාර පොලිස් අධ්‍යක්‍ෂ මේරිගැලිගන් පවසා ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෑන්හැටන් දිස්ති‍්‍රක්කයට අයත් 26 වැනි පොලිස් බල ප‍්‍රදේශයේ රාජකාරී කළ 28 හැවිරිදි ගිල්බර්ටෝවැලේ ය.

වසර හයක් තිස්සේ නිව්යෝර්ක් නුවර විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු පසුපස ලූහුබඳිමින් ඔහුගේ ජංගම දුරකථනයට රහසේ සවන් දුන් පොලිස් කණ්ඩායමට වැදගත් කරුණු රැසක් අනාවරණය වීමෙන් පසු මෙසේ ඔහු අත්අඩංගුවට ගත් බව එෆ්.බී.අයි. පොලිසිය වැඩිදුරටත් පවසා ඇත.

මෙලෙස මිනී මස් කෑමේ දැඩි ආශාවකින් පෙළුණු පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ පරිගණකය පරීක්‍ෂා කර ඇති එෆ්.බී. අයි. පොලිස් නිලධාරීන්ට තවත් තොරතුරු රැසක් සොයාගැනීමට හැකිවී ඇත.

ඒ අනුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් දුෂණය කොට පසුව මරා දමා ශරීර කොටස් කෑමට කැමැත්තෙන් සිටි බව කියන කාන්තාවන් සිය දෙනකුගේ ඡායාරූප හා ලිපින විස්තර හමුවී ඇත.

අදාළ පොලිස් නිලධාරියා විසින් මෑතකදී ඔහු වැනිම ආශාවන් ඇතැයි සැක කළ හැකි මිතුරකුට යැවූ කෙටි පණිවිඩයකින් ඔහුගේ ආශාවන් විස්තර කැර ඇති බවද සඳහන් වේ.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by