October 26, 2012

Info Post
කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක 7 වන ශ්‍රේණීයේ දැරියක් වූ අමන්දා නම් ඇයගේ ජීවිතය මුළුමනින්ම විනාශ වන්නේ අන්තර්ජාලය ඔස්සේ සිදවූ එක්තරා සිදුවීමක් හේතුවෙන්.
පුංචි සුරංගනාවක් බදු වූ සුන්දරකමකින් යුත් අමන්දා ඇගේ වයසේ අනෙක් දරුවන් මෙනම් අන්තර්ජාලය ඇසුරු කරන්නේ මිතුරු මිතුරියන් ඇසුරට මෙන්ම හැගීම් හුවමාරු කරගන්නටයි.

ඩිජිටල් වෙබ් කැමරාවකට නිරාවරණය වූ අමන්දාගේ සුන්දර රූ සපුව ලබා ගත් එක්තරා විකෘති මානසිකත්වයක් ඇති පුද්ගයෙකු විසින් එම ඡායාරූපය ඇයගේ ප්‍රදේශයේ මෙන්ම ඇගේ පාසලේ මිතුරු මිතුරියන් අතරේ බෙදා හරින්නේ අමන්දාව මානසික අවපීඩනයකට පත් කරමිනි.

මෙම සිදුවීමෙන් පසු පාසලේ මිතුරු සමාජයෙන් කොන්වීමට ලක්වන අමන්දා පිහිට පතන්නේ ‘මත්පැන් සහ මත්කුඩු’ වලින්. ඒත් දිගින් දිගටම වැඩිවන පීඩනයන්ගෙන් උපහාසයන්ගෙන් මිදීමට අමන්දා වෙනත් පාසලකට මාරු වීමට අදහස් කළාය.

එහදී හමුවන වැඩිමල් තරුණයෙකුට ලංවන අමන්දා ඔහුගෙන් අතවරයට ලක්වෙන්නේ නැති වුණ ආදරය සොයාගැනීමට උත්සාහ කිරීමෙනුයි. නැවතත් අලුත් පාසලේ දීත් පෙර පරිදිම කොන්වීමට හා උපහාසයට ලක්වන අමන්දා ලොවෙන් පළා යාමට උත්සාහ කරන්නේ සිය දිවි හානිකර ගෙනයි.

දෙවරක්ම වැරදුණ ඇගේ උත්සාහය අවසානයේ ඇය ‍තුන්වැනි වර ජයගන්නේ සදහටම මෙලොවින් සමුගැනීමෙනුයි. පසුගිය 10 වැනිදා ඇය මෙලොව අතහැර ගියේ උපහාසයෙන් හා අවපීඩනයෙන් මිදීමටයි.

ඒත් සමුගැනීමට පෙර ඇයව බිලිගත් අන්තර්ජාලයටම ඇය වැදගත් දෙයක් එක් කර තිබුණා. ඒ කිසිලෙසකින් හදාගන්න බැරිව වැරදී ගිය ඇගේ කඳුළු කතාවයි. “I can never get that photo back” යනුවෙන් ඇය කිව්වේ අන්තර්ජාලයට එක්කළ ඡායාරූපයක් කිසිදාක නැවත ගන්න නොහැකි බවයි.

අමන්දා ගේ විඩියෝව නරඹන්න … ඇය ලොවටම කියා දෙන පණිවිඩය ගැන සිතා බලන්න… නැතිවම බැරි දෙයක් බවට අප පත්කරගෙන සිටින අන්තර්ජාලයට ඕනාවටත් වඩා විවෘත වීම කොතරම් භයානක දැයි ඔබම සිතා බලන්න … ‍ඔබගේ මිතුරු මිතුරියන් දැනුවත් කරන්න …




Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by