Breaking News
Loading...
October 11, 2012

Info Post
විසි හැවිරිදි බ්‍රසීල ශිෂ්‍යාවක් වන කැත්රිනා මිග්ලිඔරිනි ඇයගේ කන්‍යාභාවය පුණ්‍ය කටයුත්තක් සඳහා මුදල් රැස් කිරීමට වෙන්දේසියේ දමා ඇත.
ඔක්තෝබර් 15 න් අවසන් වන මෙම වෙන්දේසියේ ඇයගේ කන්‍යාභාවයට ඇති අගය ඇමෙරිකානු ඩොලර් 250,000 කි. වෙන්දිසියේ ජයග්‍රාහකයාට ඕස්ටේ්‍රලියාවේ සිට ඇමරිකාව බලා ගමන් කරන ගුවන් යානයකදී එක් වරක් ලිංගිකව එක්වීමට අවස්ථාව ලැබේ.

ගුවන් යානයක් මේ සඳහා තෝරාගෙන ඇත්තේ නීතිමය ප්‍රශ්න මගහරවා ගැනීමටය.

මෙය එක වරක් ලබාදෙන අවස්ථාවක් බැවින් ගණිකා වෘත්තියක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැකි බව ඇය පවසා සිටියි.

ඔබ එක වරක් ඡායරුපයක් ගත්විට එය කොතරම් හොඳ ඡායරුපයක් වුවත් ඔබ වෘත්තීය ඡායරුප ශිල්පියෙකු වන්නේ නැහැ ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියි.

ඇය මෙයින් උපයන මුදලින් කොටසක් ඇයගේ උපන් ගමෙහි නිවහනක් නොමැති අයට නිවහන් ඉදිකිරීමට යෙදවීමට බලාපොරොත්තුවෙන් සිටී. දැනට මේ සඳහා ලන්සු තබා ඇති පුද්ගලන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.

 මේ සඳහා සහභාගී වන පුද්ගලයා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සඳහා පරීක්ෂණයකට සහභාගී විය යුතු අතර කොන්ඩමයක් පැළඳීම කොන්දේසි ලෙස පවතී. මෙම සම්බන්ධතවයට පෙර හා පසුව විශේෂ වාර්තා චිත්‍රපට කණ්ඩායමක් විසින් වර්ජින් වෝන්ටඩ් නමැති වාර්තා චිත්‍රපටය සඳහා ඇයව රූගත කරනු ඇත.