May 1, 2012

Info Post
ලොව පුරා ජනපි‍්‍රය ආහාර ජාලයක් වන කෙන්ටකි ෆ‍්‍රයිඞ් චිකන් (කේ.එෆ්.සී.) සමාගමෙන් ගත් ආහර විෂ වූ  ඕස්ටේ‍්‍රලියානු දැරියකට එම සමාගම විසින්  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 8.3ක වන්දියක් ගෙවා ඇතැයි වාර්තා වේ.
වසර 2005 දී මොනිකා සමාන් වන මෙම දැරිය හා ඇගේ පවුලේ සාමාජිකයින් කේ.එෆ්.සී. සිඞ්නි ශාඛාවෙන් ආහාර ගෙන ඇති අතර, ආහාර ලෙස චිකන් ට්විස්ටර් ව්රැප් අනුභව කළ මොනිකා දරුණු ලෙස අසනීප වී ඇත.

මීට අමතරව මොනිකා ගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක් ද අසනීප වී ඇත.

අසනීප වූ සමාන් පවුලේ අනෙක් සාමාජිකයින් සුව වී ඇති නමුත්, ආහාර විෂ වීම හේතුවෙන් මොළයේ ආබාධයකට ලක්වූ මොනිකා පසුව දරුණු ශාරීරික හා මානසික ආබාධවලට ද ලක්ව ඇත.

අවසානයේ අංශභාග රෝගයට ගොදුරු වී ඇති මොනිකා මේ වන විට සිටින්නේ රෝදපුටුවක ය.

මොනිකා ගේ අසනීප තත්ත්වයට හේතු වූයේ කේ.එෆ්.සී. ආහාර වේල බව චෝදනා කරන මොනිකා ගේ පවුලේ සාමාජිකයින් මීට එරෙහිව නඩුවක්ද පවරා තිබුණි.

පසුගිය සතියේදී මෙම නඩුවේ අවසන් නඩුවිභාගය නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වුණු අතර, නඩු වියදම් වලට අමතරව ඩොලර් මිලියන 8.3ක වන්දියක් මෙම දැරියට ගෙවන අධිකරණ නියෝගයක් ලබාදී තිබුණි.

නොසැලිකිලිමත්කම හේතුවෙන් ආහාර පිළියෙල කිරීමේ දී සිදුවූ වරදකින් මෙම ආහාරයේ අඩංගු වූ කුකුල් මස් විෂ වී ඇති බවද මෙම නඩුව විභාග කළ විනිසුරුවරයා පවසා තිබුණි.

කෙසේ වෙතත් කේ.එෆ්.සී. සමාගම විසින් මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමට නියමිත බව ද පැවසේ.

පහත දැක්වෙන්නේ මොනිකා සමාන් හා ඇගේ පවුලේ සාමාජිකයන් ගේ ඡායාරූපයකි.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by