May 1, 2012

Info Post
මුව විවෘත කිරීමට නොහැකි වන ලෙස හකු වලට හා හිසට වෙළුම්පටි...
තමාව අත්හැර වෙනත් කාන්තාවක් සමග ගිය පෙම්වතාගේ දත් සියල්ලම ගැලවූ දන්ත වෛද්‍යවරියක් පිළිබඳව පෝලන්තයෙන් වාර්තා වේ.

ඇනා මැකෝවියාක් (34) නම් මෙම දන්ත වෛද්‍යවරියව අත්හැරි 45 හැවිරිදි මාරෙක් ඔල්සෙව්ස්කි, විරසක වී දින කිහිපයකින් පසුව යළිත් ඇයව හමුවීමට පැමිණ ඇත්තේ දත් කැක්කුමක් හේතුවෙන් බව මෙම පුවත වාර්තා කරන  ඩේලි මේල් වෙබ් අඩවිය සඳහන් කරයි.

ඉතා ප‍්‍රබල නිර්වින්දකයක් ලබාදීමෙන් අනතුරුව මාරෙක් ගේ දත් සියල්ලම උගුල්ලා දැමූ ඇනා, ඔහුට මුව විවෘත කිරීමට නොහැකි වන ලෙස හකු වලට හා හිසට වෙළුම්පටි යොදා ඇත.

ඔහුගේ තත්ත්වය සංකීර්ණ බව පැවසා ඇකි ඇනා, පසුව විශේෂඥ දන්ත වෛද්‍යවරයෙකු හමු වන ලෙසද නිර්දේශ කර ඇත.මෙම සිද්ධියට පසු දින අවදි වූ මාරෙක් සිය මුව හැර බලන විට එහි එකම දතක් වත් නොතිබී ඇත.

ඇනා වෘත්තිය දක්‍ෂතා ඇති තැනැත්තියක් බැවින් ඇය මෙවැන්නක් කරනු ඇතැයි සැක නොකළ බව මාරෙක් පවසයි.කෙසේ වෙතත්, මෙම සිද්ධිය හේතුවෙන් මාරෙක් ගේ අළුත් පෙම්වතියද ඔහුව ඇත්හැර ගොස් ඇත්තේ දත් නැති මිනිසෙක් සමග තමාට ජීවත්විය නොහැකි බව පවසමිනි.
කෘතීම දත් සඳහා ද විශාල මුදලක් වැය වනු ඇතැයි මාරෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ දැඩි කනස්සල්ලෙනි.

අනිසි ලෙස වෛද්‍ය වෘත්තියේ යෙදීම හා රෝගියෙකුගේ විශ්වාසය පළුදු කිරීම යන චෝදනා මත මේ වන විට ඇනා ට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වෙන බවත්, ඇයට තෙවසරක සිර දඬුවමක්ද ලැබිය හැකි බවත් ඩේලි මේල් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by