Breaking News
Loading...
April 22, 2012

Info Post
කුකුළු පැටවුන් උපත ලබන්නේ බිත්තරවලින් බව කවුරුත් දන්නා සාමාන්‍ය සිදුවීමකි..
එහෙත් ශ්‍රී ලංකාවේ වැලිමඩ ප්‍රදේශයේ කිකිළියක විසින් බිත්තරයකින් තොරව පැටවකුට උපත ලබාදීම පිළිබඳව මෙම පුවත වාර්තා වේ. දින 21 ක කාලයක් කිකිළියගේ කුස තුළම රැකීමට බඳුන් වූ බිත්තරය,

අවශ්‍ය කරුණු සම්පූර්ණ වූ පසු කුස තුළම පුපුරායාමෙන් අනතුරුව කුකුළු පැටවා උපත ලබා ඇති බව සඳහන්ය. අංග සම්පූර්ණව වැඩී සිටි කුකුළු පැටවා යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවුවද පැටවාගේ උපතින් පසු කිකිළිය මරණයට පත්ව ඇත.

කිකිළියගේ සිරුර පිළිබඳව වැලිමඩ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී පී. ආර්. යාපා මහතා විසින් පරීක්ෂණ පවත්වා තිබේ. කුකුළු පැටවා උපන් එම සරු බිත්තරය කිකිළියගේ ප්‍රජනන පද්ධතිය තුළ වර්ධනය වී ඇතත්, එම බිත්තරය රැකීමට ලක්වන තුරු කිකිළියගේ සිරුර තුළම රැඳී පැවතී ඇති බව හෙතෙම අනාවරණය කරගෙන ඇත. කිකිළියගේ සිරුර පිළිබඳව කළ මරණ පරීක්ෂණයේ දී සිරුර අභ්‍යන්ත‍රයේ සිදුවූ තුවාල මරණයට හේතුව වී ඇති බවට ‍හෙළි වී තිබේ.