Breaking News
Loading...
December 21, 2011

Info Post
ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ඇල්බට් අයින්සටයින් 1955දී මිය ගිය පසු ඔහුගේ බුද්ධිමත් මොළය සංරක්ෂණය කෙරුණු අතර පසුව එහි කොටස් විවිධ අධ්‍යාපනික හා පර්යේෂණ ආයතනවල පර්යේෂණ කටයුතු සඳහා යොදාගනු ලැබුවා.
නමුත් දැන් ෆඩෙල්ෆියාවේ භෞතික විද්‍යා පාසලේ Mütter කෞතුකාගාරය සතුව තිබූ අයින්ස්ටයින්ගේ මොළයේ කොටස් මහජන ප්‍රදර්ශණය සඳහා විවෘතව තබා තිබෙනවා.
කෙසේ වෙතත් අයින්ස්ටයින්ගේ මොළයේ කොටස් අතරින් වැඩි ප්‍රමාණයක් තැම්පත් කොට ඇත්තේ ඔහු සිය අවසන් සමයේ සේවයේ යෙදී සිටි ප්‍රින්ස්ටන් සරසවියේ ජීව විද්‍යා අංශයේ ය. නොබෙල් සම්මානලාභි මේ මහා විද්වතාගේ අසාමාන්‍ය බුද්ධිමත්භාවය නිසාම දශක පහකට අධික කාළයක් තිස්සේ ඔහුගේ මොළයේ කොටස් විවිධ පර්යේෂණ සඳහා භාජනය කරඇති අතර, සාමාන්‍ය මිනිස් මොළයේත් මේ අසාමාන්‍ය විද්වත් මොළයේත් ඇති විශේෂතා පිළිබඳ පර්යේෂණ දැනටත් සිදුවෙමින් පවතී. එසේම දැනට වාර්තාවී ඇති වැඩිම සංවලිත (රැළි) ප්‍රමාණයක් සහිත මොළය වන්නේද මේ මහා විද්වතාගේ අසාමාන්‍ය මොළය යි. මොළයේ ඇති සංවලිත ප්‍රමාණය පුද්ගලයකුගේ බුද්ධිමත්භාවය තීරණය වන ප්‍රධානම සාධකයකි.