Breaking News
Loading...
November 13, 2012

Info Post
ලබන දෙසැම්බර් මාසයේ දී ලෝකය විනාශ වන බවට පැතිර යන මතයන් සමග ඊට ඇතිවන බිය මුල් කරගනිමින් ජනතාව තුළ පැතිර යන ‘‘කොස්මොෆෝබියා’’ නම් නවතම මානසික රෝගයක් හඳුනාගෙන තිබේ.

‘‘කොස්මොෆෝබියා’’ හෙවත් ‘‘විශ්ව භීතිකාව’’ නම් වූ මෙම රෝගය බොහෝ රටවල පැතිරී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ශී‍්‍ර ලංකාවෙන් ද එක් රෝගියකු හඳුනා ගැනීමට හැකි වූ බවත්, කොළඹ විශ්වවිද්‍යාලයේ භොතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.
මෙම රෝගී තත්ත්වයට ලක්වූවන් තමන්ගේ සියලූ කටයුතු අත්හැර, අන්තර්ජාලයේ සැරිසරමින්, ග‍්‍රාහක හෝ තරු පෘථිවියට කඩාවැටේදැයි සොයමින් කාලය ගතකරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අන්තර්ජාලය හරහා පතුරවන මෙම අසත්‍ය ප‍්‍රචාරය හේතුවෙන් බියට පත් වූ විදේශීය රටක එක් පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.