Breaking News
Loading...
October 26, 2012

Info Post
තුර්කියේ විදියක පටිගත වූ දර්ශනයක් හේතුවෙන් තුර්කියේ ඉස්තාන්බුල් මේ දිනවල බොහෝ කතාබහට ලක්වන රටක් බවට පත්වී හමාරය.

මේ දර්ශනයෙන් පෙන්වන්නේ දෙමාපියන් යුවලක් තම තරුණ දියණිය සමග තුර්කියේ විදියක රාත්‍රියේ ගමන් කරමින් සිටියදී එම දියණිය විසින් බිලින්දෙකු ප්‍රසුත කිරීමයි.

මෙහිදී පටිගත වූ දර්ශනයෙන් එම තරුණිය ඇවිද යන අතරවාරයේ යමක් ඇගෙන් අද වැටෙන අයුරු පෙන්වන අතර පසුව තරුණිය හා අගේ මව්පියන් දෙදෙනා ඒ දෙසට එබී බලා

යන්න යන අයුරු පෙන්වනවා.පසුව එම ස්ථානයට පැමිණි අසල්වැසි පුද්ගලයෙකු විසින් මෙම බිලිඳා සොයාගන්න අතර පොලිසියට දැන්වීමෙන් අනතුරුව පොලිසිය හා හදිසි වෛද්‍ය කණ්ඩායම් පැමිණ මෙම කුඩා දරුවා ප්‍රතිකාර සඳහා යොමුකොට තිඛෙනවා. මහමග ඇදවැටීමෙන් ප්‍රසුත වූ මෙම බිලිඳාගේ ජීවිතය බේරාගැනීමට සමත්වී ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය විසින් මෙම බිලින්දාට ලඉසෙම් අහුල ලෙස නම් තබා තිඛෙනවා.

මෙම සිදුවීම පිලිබඳ අදහස් දක්වන එම බිලිඳා ප්‍රසුති කල මව

මොකක්හරි මගෙන් වැටෙනවා වගේ දැනුනා. මම හිතුවේ ඒ ලේ කැටියක් කියලා. මම දන්නේ නෑ ඒ දරුවෙක් කියලා.

මේ අතර ඇයගේ දෙමාපියන් විසින් පොලිසියට පවසා ඇත්තේ තමාගේ දියණිය ගැබ්බර වී සිටි බව ඔවුන් නොදන්නා බවයි.නමුත් පොලිසිය විසින් ප්‍රකාශ කරන්නේ මෙයට හාත්පසින් වෙනස් කතාවකි. එනම් දරුවා මෙයට පෙර ප්‍රසුත කර ඇති බවයි. පොලසිය එම තරුණියගේ පෙකිනි වල කපා ගැටගසා තිබීම තුලින් එය තහවුරු වන බව පෙන්වා දෙයි.තුර්කියේ ඉස්තාන්බුල්හි සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් වාද විවාද ගොඩනැගෙමින් පවතින අතර එම දරුවා මහමග වැටීමෙන් අනතුරුව තරුණිය හා දෙමාපිය විසින් වැඩි අවධානයක් නොදැක්වීම පිලිබඳ ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

CCTV කැමරාව මගින් පටිගත වූ දර්ශනය බලන්න පහතින්