තත්පර 30 කින් දැනගන්න
ඔබ මිලට ගෙන තිඛෙන ජංගම දුරකථනය හොර එකක්ද නැතිනම් හරි එකක්දැයි සුළු වේලාවකින් දැනගැනීමට ක්‍රමවේදයක් දැන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව හඳුන්වාදී තිඛෙනවා.
ඒ සඳහා කළ යුත්තේ
ඔබේ ජංගම දුරකථනයේ ඉමි අංකය සොයාගෙන
ෂඵෑෂ (හිස් තැනක්) ඔබේ ජංගම දුරකථන ඉමි අංකය සටහන් කර 1909 ට එස්එම්එස් කිරීමයි.
ඔබේ ජංගම දුරකථනයේ ඉමි අංකය සොයාගැනීම ඉතාම පහසුය ඒ සඳහා කළ යුත්තේ ෆඃ06ඃ අංකය දුරකථනයේ ටයිප් කිරීම පමණි. එය අංක 15 දිග අංකයකි.
එය සොයාගෙන වෙනත් තැනක ලියාගෙන ඉහත සඳහන් එස්එම්එස් එක යැවූ පසු ස්වයංක්‍රිය ලෙස ඔබේ ජංගම දුරකථනය හොර පාරින් ආ එකක්ද නැතිනම් නීත්‍යානුකූලව ආනයනය කළ එකක්දැයි විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දන්වනු ඇත.
ඒ මගින් ඔබේ දුරකථනය අදාළ වෙළෙඳ ආයතනයේ නිසි ලෙස ප්‍රමිතිය හා වගකීම් සහිත එකක්ද නැතිනම් ව්‍යාජ එකක්දැයි සොයාගත හැකිය.
වර්තමානයේ දුරකථන අලෙවි කිරීමේදී අදාළ අසුරනයේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති මුද්‍රාව සටහන්වීම අනිවාර්ය කර ඇති අතර ඒවාද ව්‍යාජ ලෙස සැකසූ අවස්ථා හසුවී තිඛෙන නමුත් ඉමි අංකය ඒ ආකාරයට සකස් කළ නොහැකි බව ඔවුන් පවසනවා.
ඔබේ මොබයිල් එක හොර එකක්ද හරි එකක්ද?
Info Post