මියයන විට 82 හැවිරිදි වියේ පසුවූ ඔහු කලක් පසුවුණේ රෝගාතුරවයි. මේ මස මුලදී හදවත් සැත්කමකටද මුහුණ දුන් ආම්ස්ට්‍රෝං මිය ගිය බව සනාථ කර ඇත්තේ ඔහුගේ පවුලේ ඥාතීන් විසින්. කෙසේ වෙතත් ඔහු මියගිය ස්ථානය පිළිබඳව මෙතෙක් පැහැදිළි ප්‍රකාශයක් සිදුකර නැහැ.
ඇපලෝ 11 යානයෙන් උඩු ගුවන බලා ගිය නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තබන විට ඔහුගේ වයස අවුරුදු 38 ක්. නීල් ආම්ස්ට්‍රෝංගේ මියයාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ ඔහු සිය යුගයට පමණක් නොව සදාතනික වීරවරයෙකු බවයි.
සඳ මත පළමු පියවර තබමින් නීල් ආම්ස්ට්‍රෝං පැවසූ උදම් වැකිය අදත් මිනිස් දිරියේ සංකේතයක් ලෙස සැළකෙනවා. එහිදී ඔහු සඳහන් කළේ එය මිනිසෙකුගේ කුඩා පියවරක් වුවද මිනිස් සංහතියේ දැවැන්ත පිම්මක් බවයි.
නීල් ආර්ම්ස්ට්රොන්ග් - 2011 දී ගත් ජායාරූපයක් |