මදුරුවාට ගහන්නේ බලාගෙනයි...රෝබෝ තාක්ෂණයේ තවත් ඉදිරි පියවරක්ලු...
කුඩා කෘමි සතුන් හෝ මදුරුවන් වැනි සතුන්ගේ ගුමුනාදය ඔබ සවනට දැනෙන හඬ විටෙක ඔබ සවනට පීඩාකාරි වුවද දැන් එවැනි සත්වයන් ලෙසින් එන පියාඹන ඔත්තුකරුවන් ඊට වඩා ඔබට පිඩා ගෙන දිය හැකි බව කියවෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම උපකරණය බොහෝ දුරට මානව පාලනයකින් තොරව හෝ සුළු මඟපෙන්වීමක් යටතේ හෝ කි‍්‍රයාත්මක වෙමින් ස්වභාව ධර්මයානුකූලව හැඩගැසීමට හැකි පරිදි සකසා ඇති බවද වාර්තා වේ.
පෙන්සිල්වේනියා පරීක්ෂණ කණ්ඩායම් පවසන පරිදි මෙම මයික්‍රෝ ඔත්තු සේවක කෘමි සත්වයා හොඳින් පියෑඹීමට මෙන්ම සෑමදෙසට හැරවිය හැකි පරිදි ශරීරය සකසා තිබේ.
මෙය රෝබෝ තාක්ෂණයේ තවත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි. විශාල රොබෝ පිරිසක් විසින් කරන කාර්ය ප‍්‍රමාණයට සමාන කාර්ය ප‍්‍රමානයක් ඉටුකර දිමට සමත් මෙම පියාඹන ඔත්තුකරුවා ඉතා කාර්යක්ෂම මෙන්ම වේගයෙන් පියෑඹීමේ හැකියාව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
තවද අනාගතයේදි මෙම උපකරණය මඟින් ගල්ගුහා හෝ අපට පහසුවෙන් ලඟාවිය නොහැකි කාමර වල පවතින අවිආයුධ හා සිටින මිනිසුන් පිලිබඳවද ඔත්තු ලබා ගැනිමට හැකියාව ඇති බවත් තව දුරටත් පැහැදිලි කර ඇත.
මයික්‍රෝ පියාඹන ඔත්තුකරුවන් දැන් ඔබ ළඟ...
Info Post