Breaking News
Loading...
February 12, 2012

Info Post

ඇමෙසින් බැන්ට - බන සතියේ එළැඹෙන පෙම්වතුන්ගේ දිනය වඩාත් ආදරණීය හා සුවිශේෂී ලෙස සැමරීමට කොළඹ ග‍්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලය ආරාධනා කර සිටියි.

’රොමෑන්ස් නයිට්’ නමින් පැවැත්වෙන මෙම ආදරණීය සන්ධ්‍යාව පෙබරවාරි 14 දින ප.ව. 7.30 සිට ’හාබර් රූම්’ හි දී පැවැත්වේ.

ආදරයේ සංකේතයක් වන රෝස මලින් හා මිහිරි වයින් හා හදවත් හැඩැති චොක්ලට් සමග ආරම්භ වන සන්ධ්‍යාවට, අංග පහකින් යුත් රාතී‍්‍ර ආහාර වේලක් ද ඇතුළත් වේ.

මීට අමතරව තෑගිබෝග රැසක් දිනාගැනීමේ අවස්ථාවද මොවුන්ට හිමි වනු ඇත.

මෙම සුන්දර සැන්දෑවට එක්වී මිහිරිම අත්දැකීමක් එක් කර ගැනීමට එක් වන ලෙස ග‍්‍රෑන්ඞ් ඔරියෙන්ටල් හෝටලය ආරාධනා කර සිටියි.

මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා එක් යුවළකගෙන් අයකරන මුදල රු. 4,500ක් වන අතර, මෙම අවස්ථාවට සහභාගී වීමට ස්ථාන වෙන් කරගැනීම සඳහා වැඩි විස්තර සඳහා 0773441425 / 0112320320 : (Ext.1451) ඔස්සේ හෂිනි අමතන්න.