Breaking News
Loading...
December 24, 2011

Info Post
 Sacral agenesis යනු අතිශයින්ම දුර්ලබ රෝගී තත්වයකි. මෙම රෝගයට ගොදුරු වූවන්ගේ දෙපා කපා දමන්නට සිදුවන්නේ උපතේදී ඔවුන්ගේ සුෂුම්නාව නිවැරදිව වැඩී නොතිබීම නිසාය.
ඉතා නිරෝගී මිනිසුන් තමන් ලැබූ දෙයින් සෑහීමට පත් නොවන ලොවක Doug Forbis ට සිය දෙපා අහිමි වන්නේ ඉතා කුඩා වයසේදීමය. ඔහු සතුවූ නොපසුබස්නා දිරිය ඔහුගේ ජීවිතය සාර්ථක එකක් කිරීමට හේතුවිය. මේ 24 හැවිරිදි තරුණයා රෝද පුටු ක්‍රීඩාවලටත්, සිය පෙම්වතියටත්, සිය ජීවිතයටත් ආදරය කරන බව පවසයි. ඔහු ආබාධ සහිත කුඩා දරුවන්ට ගුරුවරයෙක් වීමට සිහින මවයි. ඔහුගේ ආබාධයට ඔහුගේ ජීවිතය අඳුරට ඇද දැමිය හැකි නොවීය. ඔහු ඔබ අප සැමටම ආදර්ශයකි. ඔහුගේ උත්සාහය විසින් ඔහුව සාර්ථකත්වයේ ඉහළම හිණිපෙත්තට රැගෙන යනු ඇත.