ලෝකය විනාශ වන දිනය නිවැරැදිව දැනගැනීමට ලොව පුරා ඇවිද ගිය විද්වතුන් පිරිසක් නිවැරැදි පිළිතුරක් දීමට සමතෙකු හමු නොවූ නිසා නැණවත් දාර්ශනිකයකු වශයෙන් ප්‍රසිද්ධව සිටි නස්රුදීන් හමුවීමට ගොස් ලෝකය විනාශ වන දිනය ගැන
විමසූවාග ර්ණඇත්තටම ලෝක විනාශය කියන්නේ මම මැරෙන දවස” නස්රුදීන් බොහොම උජාරුවෙන් පිළිතුරු දුන්නාග
නස්රුදීන්ගේ මේ කියමන සමඟ සිහියට එන ලෝක විනාශය දැන් අත ළඟයිග මියෙම්වායි… රැකෙම්වායි… වැඩි පිරිසක් දන් පින් කරතිග හඳහන් බලතිග ගුරුකම් කරතිග ආරක්ෂා වෙතිග ඒ අයගේ ලෝකය දැන් අවසානයටම ළඟා වෙලාග තව දවස් පහයිග හැබැයි මේ ගැන මොකුත්ම දන්නෙ නැති පිරිසකුත් ඉන්නවග දවස පුරාම හේනෙ කුඹුරෙ නැත්නම් බැද්දෙ ඉන්න පත්තර රේඩියෝ නැති අහිංසකයන්ට ලෝක විනාශයක් ගැන කිසිම ගැටලුවක් නැහැග එහෙම එකක් ගැන දන්නෙත් නෑග ඒකත් එක්තරා ලෝකයක්ග ඒ ලෝකය විනාශ වෙන්නෙත් නෑග
දේශ දේශාන්තර තොරතුරු අල්ල උඩ තියෙන නෙල්ලිය වගේ දන්න කට්ටිය නම් බය වෙලාග ඒ කට්ටිය විශ්වාස කරනවා තව දවස් පහකින් අපි ඉවරයි කියලග මායාවරුන්ගේ දින දර්ශනය යැයි කී පමණින් අපට මැවී පෙනෙන්නේ නිවසේ බිත්තියේ එල්ලා ඇති කැලැන්ඩරයක් වැනි එකකිග තවදුරටත් විස්තර කළහොත් කැලැන්ඩරයේ 2012 දෙසැම්බර් මාසයට අදාළ පිටුවේ 21 වෙනිදායින් පසු දිනයන් සඳහන් නොවන බව දැනේග එහෙත් විනාශයේ දිනය ගණනය කරන ලද කැලැන්ඩරය අද අප භාවිත කරන ග්‍රෙගරියන් කැලැන්ඩරය නොවලලඛදබට කදමබඑ ක්කැබාැර යනුවෙන් හැඳින්වෙන මායාල ඇස්ටෙක්ල ටොල්ටෙක් හා ඔල්මෙක් යන පුරාතන මධ්‍යම ඇමෙරිකානු ජාතීන් විසින් පරිහරණය කරන ලදැයි ද මායාවරුන් විසින් සකසන ලදැයි ද විශ්වාස කරතිග කිසිදු අක්ෂරයක් හෝ ඉලක්කමක් හෝ නොමැති ජ්‍යාමිතික සටහන් වලින් පමණක් සුසැදි චිත්රයකිග
වසරකට ආසන්න කාලයක් තිස්සේ සමස්ත ලෝකයාම ත්රාසයටත් භීතියටත් පත් කරවමින් අංක එකේ ප්‍රවෘත්තිය බවට පත් වූ ලෝක විනාශය නැතහොත් ඒ අඳුරු දිනය ගැන අනාවැකි පැවසීමට පෙරල මායා වරුන් විසින් පවසන ලදැයි කියන මෙම අනාවැකියට අදාළ දිනය 2012 දෙසැම්බර් 21 බව නිවැරැදිව තීරණය කළේ කවුරුන් ද කෙසේ ද යන්න පළමුවෙන් සොයා බැලිය යුත්තකිග
ලෝක විනාශය ගැන කසුකුසුව ඇරැඹීමට බොහෝ කලකට පෙර එනම් 1995 දෙසැම්බර් මස පළවූ මවුන්ටන් ඇස්ට්‍රොලොජර් සඟරාවේ මේ සම්බන්ධයෙන් සෑහෙන විස්තරයක් පළවී ඇතග ඒ අනුව මායාවරුන් යනු ආකාශ වස්තු පිළිබඳව ගවේශකයෝ වෙතිග ආකාශ වස්තුන්ගේ චලිත ස්වභාවයන් අනුව ඔවුහු දින දර්ශනයන් සැකසූහග මේ සඳහා ඔවුහු ර්ණකෙටි කාලීන ගණනය”:ීයදරඑ කදමබඑ- සහ ර්ණදිගු කාලීන ගණනය” :ඛදබට කදමබඑ- යනුවෙන් ගණිත ක්‍රම දෙකක් භාවිත කළහග මෙම ගණිත ක්‍රමය ක්රිග පූග 355 දී ආරම්භ වී යැයි එක් මතයක් දල ක්රිග පූග 32 දී ඇරඹිනැයි තවත් පුරාවිද්‍යා මතයක් ද වේග මෙයින් දිගු කාලීන ගණනය සඳහා භාවිත කර ඇති චක්‍රය මෙසේ යග
දින ගණන හැඳින්වීම රැ අර්ථය
01 කින් :(Kin)
20 උයිනල් :(Uinal)
360 ටුන් :(Tun)
7200 කාටුන්(Katun)
144000 බක්ටුන් :(Baktun)
මායාවරුන්ගේ වසරකට දින 360 කිග :දින 365 යනුවෙන් ද මතයක් පවතින අතර එහි වෙනස වන දින 5 අඳුරු දිනයන් වශයෙන් සැලකූ බව කියැවේග- ඔවුනගේ ගණිත සම්ප්රදායෙහි පදනම 20 වේග ඉහත චක්‍රයේ 360 ටුන් හැරුණු විට අනෙක්වා 20 ගුණාකාරයන්යග වසරකට ඇති දින ගණන 360 ක් වීම සඳහා උයිනල් 20ල 18 න් ගුණ කර ඇතග බක්ටූන් 13 ක් හෙවත් දින:144000 ය 13- 1872000 ක් හෙවත් වසර 5125ග36 ක් යනු මායාවරුන්ගේ ගණනය අනුව මහා චක්රයකි :ඨරු්එ කහජකැ-ග අප දන්නා ගණිත කර්මයන් අනුව 1872000 …… 5125ග36 = 365ග24 සූත්‍රය ආදේශ කළ විට මෙහි වසරකට ඇති දින ගණන 365ග24 ක් බව පෙනේග ඡ්යොතිෂ්යයේදී වසරක දින ගණන 365ග25 ක් වේග මේ අනුව උයිනල් 20 ක් 18 න් ගුණ කර වසරකට දින ගණන 360 ක් වශයෙන් ගැනීම සහ ඒ අනුව අනාගත කාල ගණනය කෙතරම් නිවැරැදි ද යන්න විමැසිය යුත්තකිග
තවදුරටත් විමසීමේදී ඉහත කී දින 1872000 ක් හෙවත් මහා චක්‍රයක් අවසන් වනුයේ ලබන 21 වෙනි දිනටයග ඒ අනුව මහා චක්‍රයේ ආරම්භය විය යුත්තේ මායාවරුන්ගේ මිණුම අනුව කින් 0ල උයිනල් 0ල ටුන් 0ල බක්ටුන් 0 වූ දිනයෙහි දී හෙවත් කුමන හෝ යුගයත් ආරම්භක දිනයේදීයග අප අද භාවිත කරන දින දර්ශනය අනුව මෙම දිනය කවදා විය යුතු දරෑ තාරකා විද්‍යාවල පුරා විද්‍යාවල මානව විද්‍යාව හා ප්‍රතිමා ශිල්පය යන ක්ෂේත්රයන්ට අනුකූලව මෙම දිනය ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු මස 11 වෙනි දින විය හැකි බව මේ පිළිබඳව පර්යේෂණයක් කළ එරික් තොම්සන් පඬිවරයා සඳහන් කරයිග මායාවරුන්ගේ තොරතුරු අනුව එම දිනය ඔවුන්ගේ දෙවියන්ගේ උපත සිදුවූ දිනය ද වේග ඒ අනුව එය සත්‍ය ග්‍රහ චලිත විශ්ලේෂණයන් මත පදනම් වූවක් නොව මිථ්‍යා විශ්වාසයන් මත පදනම් වූවක් බව පෙනේග
මෙම ගණනයන් හි නිවැරදිතාව කෙසේවතු දු මායාවරුන්ගේ ගුප්ත සටහන් ඇසුරෙන් ගණනය කර ඇති දෙසැම්බර් 21 වෙනි දිනය තාරකා විද්‍යාව හා ඡ්‍යොතිෂය අනුව උත්තරායන සිසිර සෘතුව ඇරැඹෙන දිනය වීම සැලකිය යුත්තකිග ඊට හේතුව වනුයේ උත්තරායන සිසිර සෘතුව ඇරැඹෙන දිනය වන විට පෘථිවිය සූර්යා වටා භ්‍රමණය වෙමින් ලම්බාකාරව පැත්තෙන් පැත්තට පැද්දෙමින් ගොස් පෘථිවි චුම්භක ධ්‍රැවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔබ්බට ගොස් තිබීමයග එනම් උත්තරායන සිසිර කේන්ද්‍රය මේ වන විට පවතිනුයේ ධනු රාශියේයග එය මීට වසර 200 කට පමණ පෙර පැවතියේ ධනු රාශියේයග ඒ අනුව පෘථිවි අක්ෂය අංශක 30 ක පමණ ආපස්සට තල්ලු වී ඇතග තාරකා විද්‍යාවේදී මෙයඡරුජැිිසදබ හෙවත් ර්ණසාපේක්ෂ අක්ෂ භ්‍රමණය” යනුවෙන් හැඳින්වේග අද ඡ්යොතිෂ්යවේදීහු විසින් භාව කේන්ද්‍ර ගණිතයේදී මෙය ර්ණඅයනාම්ශ” යනුවෙන් හඳුන්වතිග
අයනාම්ශ හෙවත් සාපේක්ෂ අක්ෂ භ්‍රමණය ගණනය කිරීමේදී වුව විවිධ ඡ්‍යොතිෂ්‍ය පද්ධතීන් අතර ඒකමිතියක් අදත් දක්නට නොමැතග දැනට ලෝකය පුරා අයනාම්ශ සූත්‍ර 25 ක් පමණ භාවිතයේ පවතීග මායාවරුන් විසින් මෙම දෙසැම්බර් 21 වැනි මහා චක්රයක අවසාන දිනය තීරණය කිරීමට හේතු වූ ප්‍රධාන කරුණ ශිශිර සූර්ය නිවෘත්තිය :උසබඑැර ීදකිඑසජැ- නම්ල ඔවුන්ගේ කාල චක්‍රයේ ආරම්භක දිනයත්ල මේ වන විට පෘථිවි අක්ෂයේ වෙනස්වීමට සාපේක්ෂව එය :අයනාම්ශ- ශුන්‍ය අගයක් ගත් දිනයත් සමාන විය යුතුයග තාරකා ශාස්ත්රයේ මුල් කෘතිය වශයෙන් සැලකෙනල ර්ණමය” නම් සෘෂිවරයා විසින් රචනා කළ ර්ණසූර්ය සිද්ධාන්තය” හි දැක්වෙන ග්‍රහ සංචරණයන්හි ස්ථානීය අගයන් ආදේශ කිරීමේදී ක්රිග පූග 3102 පෙබරවාරි 17 හෝ 18 යන දිනයකදී සියලු ග්‍රහ වස්තූන්හි මධ්‍ය ධ්‍රැවකය හෙවත් දේශාංශකය අංශක බින්දුවෙහි :0- හි පැවති බව වරහමිහිරගේ ර්ණපංච සිද්ධාන්තිකා” ග්‍රන්ථයෙන් හෙළිවේග මායාවරුන්ගේ ගණිත වේදය පිළිබඳව අදහස් දක්වන්නවුන්ගේ මතයට අනුව එය ක්රිග පූග 3114 අගෝස්තු 11 වේග
මේ අනුව අකුරක් හෝ ඉලක්කමක් හෝ නොමැති ජ්‍යාමිතික රූප සටහන් පමණක් සහිත මායාවරුන්ගේ දින දර්ශන ක්‍රම වේදය සමාලෝචනය කර අදහසක් ප්‍රකාශ කරන්නවුන් වෙතින් වැරදි අර්ථනිරූපණයක් සිදුවී ඇති බව පැහැදිලි වන අතර මායාවරුන්ගේ මහා චක්‍රය දෙසැම්බර් 21 වෙනි දිනයෙන් අවසන් වීමේ ඉඩකඩ අල්පයග
ගණිතමය තොරතුරු එසේ වුවද මායාවරුන්ගේ ව්යඛ්යානයන් අනුව මෙම කාල චක්‍රය :කහජකැ- හැඳින්වීම සඳහා මායාවරුන් භාවිත කර ඇත්තේ ර්ණලෝකය” යන වචනයයිග ඒ අනුව යුගයේ අවසානයෑබා දෙ එයැ කහජකැ ෑබා දෙ එයැ උදරකා යනුවෙන් ව්‍යවහාරයට පැමිණ ඇති අතර යුගයේ අවසානය නැතහොත් ලෝකයේ අවසානය යන්න ර්ණලෝකයේ විනාශය” යනුවෙන් අරුත් ගැන්වීමක් කර ඇති බව පැහැදිලි වේග ර්ණෑභෘ” යනු ‘අවසානය’ විනා ‘විනාශය’ නොවේග
මායාවරුන්ගේ තවත් චිත්රයකින් පියාඹන කුරුල්ලෙකු දැක්වෙන අතරල කුරුල්ලාගේ බඩ පෙදෙස සූර්යා වශයෙන් දල වලිගය සෙනසුරුල සිකුරු සහ බුධ යනුවෙන් දල හොට පෙදෙස පෘථිවිය වශයෙන් ද අර්ථ කථනය කර ඇතග මෙම අර්ථ නිරූපණයට සමාන වන්නේ ඉංගී්රසි ක අක්ෂරයේ හැඩයට ග්‍රහයින් තිදෙනෙක් ස්ථානගත වීම හැඳින්වෙනකර්ණච් හෙවත් ර්ණදෙවින්ගේ ඇඟිල්ල දිගු කිරීම” වශයෙන් ඡ්‍යොතිෂ්‍යයේ එන ඉගැන්වීමකිග එය මෙසේ යග ග්‍රහයින් දෙදෙනෙක් එකිනෙකා අංශක 60 ක හෙවත් ෂෂ්ඨමක :ශධෘ - දෘෂ්ටියෙන් ස්ථානගත වෙද්දී තුන්වැනි ග්‍රහයෙක් පෙර කී ග්‍රහයින් දෙදෙනාගේ දෘෂ්ටි රේඛාවේ මධ්‍ය ලක්ෂයට අංශක 90 ක් ලම්බකව පිහිටීමත් අනෙකුත් ග්‍රහයින් ෂෂ්ඨමක කෝණයට ප්රතිවිරුද්ධව පිහිටීමත් සිදුවූ විගස සූර්ය කුණාටු ඇතිවීමෙන් විනාශයක් සිදුවන බව කියැවේග මායාවරුන්ගේ අදහස පරිදි බ්රහස්පතී හෙවත් ගුරු ග්‍රහයා සහ පෘථිවිය අංශක 60 කින් යුත් ෂෂ්ඨමක දෘෂ්ටියෙන් යුක්තවද්දීල සූර්යයා තුන් වෙනි ග්‍රහයා වශයෙන් ස්ථානගත වී ක නියමය සෑදෙන අතර සෙනසුරුල සිකුරු හා බුධ ග්‍රහයින් ෂෂ්ඨම කෝණයට ප්රතිවිරුද්ධව එක පෙළට පිහිටීමෙන් දෙවියන් විසින් අප වෙත ඇඟිල්ල දිගු කරන බව හෙවත් ලෝකය විනාශ වන බවයිග එහෙත් තාරකා විද්‍යානුකූලව ගණනය කිරීමේදී ප්‍රධාන ග්‍රහ වස්තූන්ගේ මෙවැනි පෙළගැස්මක් සිදුවීමේ ප්‍රවණතාවක් කිසි විටෙකත් ඇති නොවේග
ර්ණසප්ත සූර්යෝදගමන සූත්‍රය” අනුව බුදුවරුන් පස් දෙනෙක් පහළ වන එක් කල්පයක් අවසන් වීමෙන් පසු සූර්යයන් සතක් පායා ලෝකය දා අළු වන බව සඳහන් වේග කල්පයක් යනු වසර 4ල320ල000ල000 කිග දළ වශයෙන් ගණනය කළ විට තවමත් ගෙවී ඇත්තේ ඉන් වසර 1ල972ල949ල115 ක් පමණ වේග
මේ අතර ඡ්‍යොතිෂ්‍ය විද්‍යාවට දේවත්වය ආරූඪ කරගත් හින්දූන් විශ්වාස කරන්නේ ඇතිවීමල පැවතීම හා නැතිවීම නියෝජනය කරන විෂ්ණුල බ්‍රහ්ම හා ඊශ්වර දෙවිවරුන් අතරින් ඊශ්වර හෙවත් ශිව දෙවියන් සිය තුන් වෙනි ඇස ලබන 21 වෙනි දින විවෘත කර ලෝකය දෙස බැලීමෙන් මුළු විශ්වයම ගින්නෙන් දා අළු වන බවයිග එහෙත් එවැන්නක් ඊශ්වරයාට කළ හැක්කේ පැවැත්මෙහි අධිපති මහ බ්‍රහ්මයාගේ ආයු කාලය වන කල්ප 720 ක් හෙවත් සූර්ය වර්ෂ 3ල110ල400ල000ල000 කට පසුව පමණක් බව හින්දු දහමෙහි ඉගැන්වේග
මේ නයින් බලන කල මෙම සියලු මතිමතාන්තර අනුව ලබන 21 වැනිදා ලෝක විනාශයක් සිදුවෙතැයි යන විශ්වාසය හුදෙක් පදනම් විරහිත උපකල්පනයන් පමණිග
කෙසේවතුදු වර්තමානයේ ලෝකය විනාශ වෙමින් පවතින බව සැබෑවකිග යුදමය අරාවුල් සහ සමාජමය අර්බුද නිතර අසන්නට ලැබේග නිරන්තරයෙන් ස්වාභාවික විපත්වලට ගොදුරු වන්නන් වැඩියග මිනිසාගේ අකුසලයන් වැඩිවත්ම පඨවිල ආපෝල තේජෝ හා වායෝ යන සතර මහා භූතයන්ගේ කිපීමෙන් අනාගතයේ ව්‍යසන ඇතිවන බව බුදු දහමේ ඉගැන්වෙයිග කොසොල් රජු දුටු සිහිනයක එකම බත් හැළියේ හොඳින් ඉදුණු බත් දල බෙරිවූ බත් දල සහල් ඇට එලෙසින්ම තිබූ කොටසක් ද වශයෙන් වූ පුදුම බතක් වියග හොඳින් ඉදුණු බත් ධාර්මික මිනිසා දල බෙරි වූ බත් අදමිටුවන්ගේ විනාශය දල සහල් ඇට මහා නියඟය ද පෙන්නුම් කරන බව බුදුන් වහන්සේ දේශනා කළහග සත්‍ය වශයෙන් අද මේ බත් හැළිය ඉදෙමින් පවතීග
ලෝක විනාශයක් වුවත් නොවූවත් මේ බත් හැළියේ කොටස් තුනටම හිමිකරුවෝ අද මේ ලෝකය තුළ සිටිතිග අඳුන් හඳුන් ලේ රීරි පුදමින් යන්තර මන්තර කිරීමෙන් හෝ බාර හාර ඇප ඔප්පු කිරීමෙන් හෝ විනාශයෙන් ගැලවිය නොහැකියග ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කෙරේග
- විශ්‍රාමික ගණකාධිකාරී සුමනදාස නාමරත්න
දැන් ඉදෙන්නේ කොසොල් රජු සිහිනෙන් දුටු බත් හැළිය දර
Info Post