December 24, 2012

Info Post
චීනයේ ෆිජියාන් පලාතේ මහා මාර්ගයයේ ගමන් ගත් අයට පසුගියදා දැකගත හැකිවුනේ හද කම්පා කරවන දසුනකි.

මෝටර් රථයකට හසුවී එක් සුනඛයෙකු මියගොස් සිටි අතර මාර්ගයේ වැතිර සිටින තම සොඳුරිය අත හැර යාමට අකමැති තවත් සුනඛයකුද මාර්ගයේම සිටියා.
තම පෙම්වතිය නැඟිටුවා ගැනීමට පැය 6ක් උත්සාහ ගත් එම සුනඛයා පිළිබඳව අසල පිහිටි වෙළඳසැලක හිමියෙකු ප්‍රකාශ කර තිබුනේ වේගයෙන් ඇදී එන වාහන වලින් බේරෙමින් තම මිතුරිය නැඟිටුවාගැනීමට එම සුනඛයා අපමණ වෙහෙසක් ගත් බවයි.

එම අවස්ථාවේ ඒ අසලට ගිය ඔහුට සුනඛයාගේ දෑස් කඳුලින් පිරී තිබූ බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.

තම බිරිඳ අමු අමුවේ නිදි යහනේ මරා දමන තිරිසන් මිනිසුන් සිටිනා යුගයක මෙම සිද්ධිය එම නොමිනිසුන්ටද ආදර්ශයකි. එහි ජායාරූප පහතින්.








මීට මාස 2කට පමණ පෙර රුසියාවේ Filippovka ගම්මානයෙන්ද මෙවැනිම පුවතක් වාර්තා වුණා.

ඒ එකම රැලේ සිට රිය අනතුරකින් මිය ගිය තම සොඳුරියගේ සිරුර ළඟට වී කිසිවකුටත් ළංවීමට නොදි රැකවල්ලා දා සිටින සුනඛයෙකු පිළිබඳවයි.

මේ දෙදෙනා රෝමියෝ ජුලියට් වගේ යැයි ගැමියෝ පැවසූ අතර තම මිතුරිය මියයෑමෙන් පසු සතියක් තිස්සේ ඇගේ සිරුර ළඟ අනෙක් සුනකයා තනි රැක තිබෙනවා.

අධික සීතල නිසා සිරුර නරක් නොවී පැවති අතර තම ඉදිරිපස ගාත්වලින් විටෙක බැල්ලිව නැගිටුවන්නට එම සුනඛයා නොගත් උත්සහායක් නැති බවයි වාර්තා වුනේ

එම ජායාරූප හා වීඩියෝව පහතින්.








Comment (1)

Loading... Logging you in...
  • Logged in as
සත්ත්ව ලොකයේ කරුණාව තියනවා උන්ටත් හැගිම් දැනිම් තියනවා. ස්තුතිය් මේ පෝස්ටුවට.

Post a new comment

Comments by