ලබන නොවැම්බර් මස 06 වැනිදා පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණය සමඟින් එයට ඉදිරිපත්ව සිටින ජනාධිපති ධුර අපේක්‍ෂකයින්ට මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුක්ට ද මේ දිනවල ජනතාවගේ විශේෂ අවධානයක් යොමුව ඇත.
ඒ අනුව එම බිරින්දෑවරු ද දැන් නිතර සාමාන්‍ය ජනතාවට දකින්නට ලැබේ.
වර්තමාන ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමාට ද බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති අතර ඇය මීට අවුරුදු දෙකකට පමණ පෙර ඉන්දියාවේ සංචාරයක යෙදුණු අවස්ථාවකදී මුම්බායි විශ්ව විද්‍යාලයේ පැවැත්වූ එක්තරා සමාජ සේවා උළෙලකට ද සහභාගී වී තිබේ.
එහිදී ඇය දරුවන් සමඟ කොටු පැනීමේ ක්‍රීඩාව සහභාගී වී ඇත්තේ ඉතා සතුටිනි.
කෙසේ නමුත් මෙම ඡායාරූපයට මෙම මැතිවරණ සමයත් සමඟ විශාල ප්‍රචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ.
ඔබාමාගේ බිරිඳ කොටු පනින හැටි..
Info Post

