Breaking News
Loading...
September 20, 2012

Info Post
සීත මාලිගාවේ මිල කළ නොහැකි චිත්‍ර වල ලැකර් ගාලා.
පසුගිය වකවානුව පුරා පැවති නියඟය නිසා සිදීගිය පරාක්‍රම සමුද්‍රයේ වෑතලය ඔස්‌සේ දෙනෝදාහක්‌ දෙනා සීත මාලිගාව බැලීමට පැමිණියා.

එසේ පැමිණි එක්‌තරා කාලකණ්‌ණි මනෝ විකෘතිකයකු සීත මාලිගාවේ මිල කළ නොහැකි සියවස්‌ ගණනක්‌ පැරණි බදාම තලය මත ලැකර් භාවිතා කරමින් විකෘති සිතුවම් ඇද එය විනාශ කර ඇති අයුරුඅපට දැක ගත හැකි වුනා.

මහා පැරකුම්බාවන්ගේ අග්‍රේසර නිමැවුමක්‌ වන සීත මාලිගාව වාස්‌තු විද්‍යාව පිළිබදව වන මහා අනර්ඝ උරුම සම්පතක්‌වුනා.මහා පරාක්‍රම සමුද්‍රය මධ්‍යයේ උස්‌ ගොඩැල්ලක්‌ මත පිහිටුවා ඇති මේ විශිෂ්ට නිමැවුම එතුමන්ගේ ගිම්හාන මාලිගාව ලෙස පැවතුනා.

මේ උත්තම උරුම සම්පතේ තේජෝගුණය කියාපානා සියවස්‌ අටක්‌ පමණ පැරණි පුරාණ බදාම තට්‌ටුවත්, පුරාණ වර්ණ ස්‌ථරත් අනේක විධ පරිසර හා සතුරු ව්‍යසනයන් හමුවේ ශේෂව තිබුණේය. මේ වර්ණ හා බදාම සංයෝජන අතීත වාස්‌තුවිද්‍යාවේ ඥාන ප්‍රභාව අනාගතය වෙත ගෙන යන මහා අනර්ඝ ජීවමාන සාධක වූයේය.