Breaking News
Loading...
July 15, 2012

Info Post
නිවසේ ඇතිකරන බල්ලා සමගද හිතවත් වෙලා......
කෑම කා ආපසු කැලෑවට යන්නට පුරුදු වෙලා...
නිවසක්‌ අසල වන ලැහැබක සිට එම නිවසට පැමිණි වල් ඌරකු නිවසේ ඇති කරන බල්ලකු සමග හාද වී දිනපතාම එහි පැමිණ අනතුරුව නිවස තුළටම පැමිණ කෑම කා ආපසු කැලෑවට යන්නට පුරුදුවී සිටී.

යාපහුව දිවුල්වැව චන්ද්‍රිකා වන්නිනායක මහත්මියගේ නිවසට මෙම වල් ඌරා පැමිණෙන්නට පටන්ගෙන තිබුණේ මීට වසරකට ආසන්න කාලයක සිටය.

කැලෑවේ සිට රාත්‍රි කාලයේ ආහාර සොයා පැමිණ නිවස පිටුපස බිම හාරන්නට මෙම ඌරා පුරුදුව සිටියේය. පසුව දිවා කාලයේද නිවසට එන්නට පුරුදු විය. නිවසේ ඇතිකරන බල්ලා සමගද හිතවත් වී සෙල්ලම් කරමින් සිටින බව නිවෙස්‌ හිමිකාරිය පවසයි.

අනතුරක්‌ නැති බව දැනුන නිසාවෙන් බල්ලා සමග නිවස තුළටම පැමිණ ආහාරයට යමක්‌ දෙනතුරු තමන් ආසන්නයේ ගැවසෙමින් සිටින්නට පුරුදුව ඇති බවත් චන්ද්‍රිකා මහත්මිය අප සමග ප්‍රකාශ කළාය.