May 21, 2012

Info Post
මෙම උත්සවයට අමුත්තන් 100ක් පමණයි...ෆේස්බුක් සමනිර්මාතෘ මාක් සකර්බර්ග් විවාහ වී ඇතැයි වාර්තා වේ.
සකර්බර්ග් ගේ මනාලිය වූයේ දිගුකාලයක් පුරා ඔහුගේ පෙම්වතිය ව සිටි පි‍්‍රසිලා චෑන් ය.

ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරන අන්දමට 28 හැවිරිදි සකර්බර්ග් හා 27 හැවිරිදි චෑන් විවාහ වී ඇත්තේ කැලිෆෝනියාවේ පිහිටි සකර්බර්ග් ගේ නිවසේදීය.

මෙම උත්සවයට අමුත්තන් 100ක් පමණ සහභාගී වී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

තමා චෑන් සමග විවාහ වූ බවට සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කිරීමෙන් අනතුරුව මෙම පුවත අනාවරණය වී ඇත.

ඔවුන් දෙදෙනාගේ විවාහ ඡායාරූපයක්ද සකර්බර්ග් විසින් සිය ෆේස්බුක් පිටුවට එක් කර ඇත.

සකර්බර්ග්ට චෑන් හමුවී ඇත්තේ ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ව සිටි අවධියේදීය.

චෑන් පසුගිය සතියේදී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගැනීමට සමත්විය.

සකර්බර්ග් – චෑන් විවාහයට දිනකට පෙර ෆේස්බුක් සමාගමේ මූලික කොටස් නිකුතුව පැවැත්විණි.

මෙය ඇමෙරිකානු ඉතිහාසයේ සිදුවූ තෙවැනි විශාලතම මූලික කොටස් නිකුතුව බව විදෙස් වාර්තා වල දැක්වේ.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by