Breaking News
Loading...
May 10, 2012

Info Post
භික්ෂුන් වහන්සේ නමක් කාන්තාවන් සමග ෆොටෝ අරන් ...

බෞද්ධ දර්ශනයට නිගාවන පරිදි භික්ෂුන් වහන්සේ නමකගේ නමින් ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ පවත්වාගෙන යන තවත් ගිනුමක් අනාවරණ කර ගැනුනා.


එම ගිණුම පවත්වාගෙන යන්නේ ගෝනගම කරුණාසාර හිමි නමින්. භික්ෂුන් වහන්සේ නමක් කාන්තාවන් සමග පෙනී සිට ලබාගත් ඡායාරූපද ඊට ඇතුළත් කර තිබෙනවා.

එම ජායාරූප අප මෙහි ඉදිරිපත් නොකරන අතර  ඒවාට සහ ගිණුමේ වෙනත් කරුණු සම්බන්ධයෙන් විචාර ඉදිරිපත් කර ඇත්තේ අසභ්‍ය වචනද යොදා ගනිමින්. ගිණුමේ මිතුරන් ලෙස තවත් භික්ෂුන් වහන්සේ කිහිප නමක්ද සිටිනවා. එහෙත් උන්වහන්සේලාගේ ගිනුම්වල බෞද්ධ දර්ශනයට නිගාවන කිසිවක් ඇතුළත්ව නැහැ.


මේ සම්බන්ධයෙන් කල විමසීමේදී පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසන්නේ එලෙස ගිණුම් නිර්මාණ වීම තාක්ෂණයෙන් නතර කළ නොහැකි බවයි. කළ හැකි හොඳම දෙය නම් එවැනි ගිණුම් නොසලකා හැරීම සහ ඒවායේ මිතුරන් ලෙස එක් නොවීම බවද ප‍්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් මෙවැනි දුශ්ශීල පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශය,එසේම මල්වතු අස්ගිරි මහනායක වහන්සේලා ප්‍රමුඛ සංඝ සභාව ගත යුතු සොයා බැලීම් තීරණ ගන්නා අතරම මෙවැනි ෆේස්බුක් ගිණුම් වල මිතුරන් වීමෙන් වලකින ලෙසද අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

එසේම වෙනත් ආගම් සඳහාද මෙවන් වූ අපහාස සිදුකරන්නන් ඔබ දනිතොත් එවන් වූ ක්‍රියා ගැන සමාජය දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමු.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by