May 2, 2012

Info Post
කුඩා කල පටන් ආදරයෙන් රැකබලාගත් සිය කෙස් කලඹ කපා විකුණා දැමු තරුණියක් ගැන පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වුනා.
නතාෂා මොරායස් ඩි අන්ද්‍රේඩි  නම් වූ මෙම තරුණියගේ කෙස් කලඹ අඩි 5 යි අඟල් 2 ක් දිගයි.
තම දිගු කොණ්ඩය නිසා යහළු යෙහෙලියන් සමග විනෝද වීමද අහිමි වූ මෙම යුවතියට කොණ්ඩය කපා දැමීමෙන් පසු අලුත් ජීවිතයක් හිමිවූ බව ඇය පවසනවා.

ඇයගේ මීටර් 1.6 වූ මෙම කොණ්ඩය සේදීම සඳහා පැය 4 ක් ගතවූ බවත් ..කොණ්ඩය පිරීම සඳහා දිනකට පැය එකහමාරක් ගතවූ බවත් ඇය සඳහන් කරනවා.

රියෝද ජෙනයිරෝ නුවර ඉතා අබලන්  කුඩා නිවසක ජීවත් වූ ඇගේ පවුලට සරිලන නිවසක් මිලදී ගැනීමට ඇය තම කොණ්ඩය කපා විකිනීමට තීරණය කළා .ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 5000 ඇය තම කෙස් කළඹ විකුණුවා.

‘කොණ්ඩය කපද්දී මට චකිතයක් ඇති වුනා.ඒ ඔවුන් මට පොරොන්දු වූ මුදල නොගෙවයි කියලා ..ඒ වුනාට මට දැන් දැනෙන්නේ පුදුම නිදහසක් ‘
සිය කොණ්ඩය සෙන්ටිමීටර් 40 වෙන්නට කපා දැමු නතාෂා  පවසනවා.
නතාෂාගේ පවුලට  සංවේදී සිදුවීමක් වූ මෙය ‘දුවගේ කොණ්ඩය කපන්න කියලා කවදාවත් බල කලේ නැති බවට ‘ඇගේ මව පවසනවා.එසේම ඇයට වයස අවුරුදු හතරේදී තිබු මට්ටමේ දිගින් යුතු කොණ්ඩයක් දැන් සතු වී තිබෙන බව මව තව දුරටත් පැවසුවා.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by