රාත්තල් 40ක් පමණ බරැති බළලෙකු ගේ බර අඩුකිරීමට ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප‍්‍රාන්තයේ සැන්ටා ෆේ හි අයිතිකරුවන් නොමැති සුරතල් සතුන් ට රැකවරණ සපයන ආයතනයක් විසින් ප‍්‍රයන්තයක් දරමින් සිටියි.
වසර අවුරුදු දෙකක් වයසැති මෙම බළලාගේ නම මියාව් ය. මියාව් ගේ බර රාත්තල් 40ක් පමණ වුවද, ඔහු අයත් වන ටැබී නම් බළල් වර්ගයේ සම්පූර්ණ වැඩුනු සතෙකු ගේ බර රාත්තල් 07-12 ක් පමණ වේ.
මියාව් ගේ 87 වියේ පසුවන අයිතිකරු හට තවදුරටත් ඔහුව රැකබලාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු ව මෙම ආයතනයට ලබාදී තිබේ.
මේ වන විට මියාව් ගේ බර අඩුකිරීමේ අරමුණෙන් ඔහුට විශේෂිත ආහාරවේලක් ලබාදෙන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
කෙසේ වෙතත්, මියාව් ලොව මහතම බළලා නොවේ. ලොව බරම බළලා ලෙස සඳහන් වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ සිටින හිමී නම රාත්තල් 47 බරැති බළලෙකි.
කෙසේ වෙතත් ගිනස් වාර්තාවක් ලබාගැනීමේ අරමුණෙන් අයිතිකරුවන් විසින් සිය සුරතල් සතුන් හට වැඩිපුර ආහාර ලබාදෙනු ඇතැයි යන කරුණ සැලකිල්ලට ගෙන ගිනස් ආයතනය විසින් ලොව බරම බළලා ට අයැදුම්පත්පත් භාරගැනීම නතර කර ඇතැයි ද විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
රාත්තල් හතළිහේ මියාව්
Info Post