Breaking News
Loading...
April 17, 2012

Info Post
ලස්සණ නිසා අරං ආවා ධීවරයෝ කියති
ඉන්දියානු මුහුදු සීමාවේ තිබුණ සුනාමි ඇන්ටනාවක් සොරකම් කළ ලංකාවේ පිරිසක් එය රැගෙන ගොස් මාතර ගන්දර ප්‍රදේශයේ නිවසක තබාගෙන සිටියදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා

මිලියන ගණනාවක් වටිනා මෙම සුනාමි ඇන්ටනාව මුහුදේ එක්තරා ස්ථානයක සවිකර තිබුණ බවත් මේ ධීවරයින් පිරිස එය දැක එය සුනාමි ඇන්ටනාවක් යයි නොදැන සොරකම් කර ඇති බවත් වාර්තා වුණා

ලස්සණට තිබුණ උපකරණයක් නිසා අපි හිතුව ඒක වටින එකක් වෙන්න ඇති කියල ඒකයි අරන් ආවෙ යනුවෙන් ඔවුන් පවසා තිඛෙනවා

එය පැහැරගෙන පැමිණි පසු මෙම උපකරණයට අනුබද්ධ වයර් කපා තිබීම නිසා එමගින් නිකුත් කරන සංඥා කිසිවක් ලබාගැනීමට ඉන්දියානු බලධාරීන් අපොහොසත්ව තිඛෙන අතර මේ උපකරණය ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ධීවරයින්ගේ ආරක්ෂාවට වැදගත්වන එකක් යයි නොදැන සිටි ධීවරයින් එය රැගෙන විත් එක් අයෙකුගේ නිවසේ සාලයේ සවිකර තබා තිබුණ බවත් වාර්තා වුණා

මාතර පොලිසිය මගින් මේ සොරකම සිදු කළ පස්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු අදාළ සුනාමි කුළුණ ඉන්දීය බලධාරීන්ට ලබාදීමට කටයුතු කර තිඛෙන බවද වාර්තා වනවා