Breaking News
Loading...
April 17, 2012

Info Post
පස් හැවිරිදි ළමයාට දුම්රියේ නින්ද ගිහින්...

1986 දී අතරමං වූ ඉන්දීය ළමයෙකු වසර 25කට පසුව තම උපන් නගරය සොයා ගැනීමට ගූගල් අර්ත් උපකාරී වූ පුවතක් BBC වාර්තා කරයි.

පස් හැවිරිදි වියේදී කල්කටාර් බලා යන දුම්රියක නින්දගොස් එහි වීදි දරුවකු ලෙස ජීවත්වූ "සරූ" 1987 දී තස්මේනියාවේ (ඕස්ට්‍රේලියානු) පවුලක් විසින් දරු කමට හදාගැනීම සදහා ගෙන ගොස් තිබේ.

ඔහු උපන් නගරයේ නම  නොදැන සිටි සරූ උපන් ගමට අදාල (kwandwa) විශේෂ ස්ථාන මතකයෙන් හදුනාගෙන ඇත්තේ චන්ද්‍රිකා ඡායාරෑප මගින් සකස් කොට ඇති ගූගල් අර්ත් අන්තර්ජාල සේවාව මගිනි.

2012 වසරේ ආපසු ඉන්දියාව බලා ආ සරූ තම කුඩාකළ ඡායාරූපයක් ඔස්සේ කළ විමසීම්වලින් පසු ඔහු ගේ මෑනියන් හදුනාගෙන තිබේ.
මෙම අපූර්ව පුවත "ස්ලම් ඩෝග් මියනර්" චිත්‍රපටයේ මතකය අළුත්කරන්නක් වන බැවින් චිත්‍රපට නිශ්පාදකයන් හා ප්‍රකාශකයන් ඒ පිළිබද ඉමහත් උනන්දුවකින් පසුවන බවද වාර්තාවේ.