කැස්බෑ කට්ටක් මෙන් දිස් වන පිටක් සහිත දරුවෙකු පිළිබඳ ව කොලොම්බියාවෙන් වාර්තා වේ.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ සය හැවිරිදි කොලොම්බියානු දරුවෙක් වන ඩීඩියේ මොන්ටාල්වෝ ය.
ඔහුගේ පිට පුරා ඇත්තේ කට්ටක් නොව අසාමාන්‍ය ලෙස පිට පුරා පැතිරී ඇති අතිවිශාල ඉන්නෙකි.
ඩීඩියේ ගේ ශරීරයේ 40%ක් පමණ වැසී ගොස් තිබූ මෙම ඉන්නා හානිකර බාහිර වැඩීමක් ලෙස වර්ධනය වීමේ අවදානමක් පැවතුනද, එය ඉවත් කිරීම සඳහා මෙම කුඩා දරුවාගේ දෙමාපියන්ට වත්කම්ක් නොතිබුණි.
කෙසේ වෙතත්, මෙම දරුවාගේ ඉරණම පිළිබඳව දැනගැනීමෙන් පසුව ශල්‍යකර්මයක් මගින් මෙම ඉන්නා ඉවත් කිරීමට බි්රතාන්යයේ ප්ලාස්ටික් ශල්‍යවෛද්‍යවරයෙකු වන නීල් බුල්ස්ට්රෝඩ් ඉදිරිපත් වී ඇත්තේ කිසිඳු මුදලක් ද අය නොකරය.
බුල්ස්ට්රෝඩ් මහතා හා කොලොම්බියානු වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගියදා එරට බොගොටා අගනුවරදී මෙම ශල්‍යකර්මය සාර්ථක ව සිදුකර ඇත.
මෙවැනි උපන්ලප ඇති වීමට හේතුව මේ දක්වා නිශ්චිත ලෙස සොයගෙන නැතිමුත්, ජාන විකෘති වීමක් හේතුවෙන් කළලයක චර්ම ෙසෙල වෙනස් වී වර්ධනය වීම මෙවැනි තත්ත්වයට තුඩු දෙනු ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් මත පළ කරයි.
ශල්‍යකර්මයෙන් පසුව ඩීඩියේ ඉතා සතුටින් වෙසෙන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
ඔහුගේ අසාමාන්‍ය පෙනුම හේතුවෙන් මීට කලින් ඩීඩියේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන් සමාජය විසින් කොන් කර තිබූ අතර, නපුරු බලවේග වල බැල්ම හේතුවෙන් ඔහුට මෙලෙස වී ඇතැයි පැවති ගැමි මතමතාන්තර හේතුවෙන් ඩීඩියේ මේ දක්වා බෞතිස්ම කිරීමට හෝ පාසැල් යැවීමට නොහැකිවී ඇතැයි විදෙස් වාර්තා කියා සිටියි.
ඔහුගේ ඉන්නා කැස්බෑ කට්ටක් මෙන් දිස් වූ බැවින් ඩීඩියේ ට කැස්බෑ කොල්ලා ලෙස ද නමක් පටබැඳී තිබුණි.
කැස්බෑ කොල්ලා ගේ ‘කට්ට’ ගැලවේ
Info Post