Breaking News
Loading...
April 27, 2012

Info Post
අන්තර්ජාලයට පිවිසීමට හැකියාව හීන කරයි...
අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

 මෙම වෛරසය පරිගණකයට ඇතුල් වීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සංසදය පවසයි.


http://www.dcwg.org/detect/ වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පරිගණකය මෙම වෛරසයෙන් සුරක්‍ෂත කර ගැනීමට පියවර ගත හැකි වන බවද සංසදය සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වන තුරු මේ පිළිබදව සිය සංසදයට කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද සංසදය පවසයි.ඇමෙරිකා එක්සත් ජනපද විදේශ පරීක්‍ෂණ කාර්යයංශය (FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය සුරක්‍ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද සංසදය සදහන් කරයි.

ඉහත දිනට පසු මෙම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති වන බවද සංසදය පවසයි.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම වෛරසය මගින් සිදු වන්නේ පරිගණකයේ ඇති DNS සැකසුම් වෙනස් කිරීමයි.සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි සමග සම්බන්ධ වනුයේ අයි පී නම් ප්‍රොටෝකොලයක් මගිනි.

මෙය කේතයක් වශයෙන් දිස් වන හේතුවෙන් සාමන්‍ය ජීවිතයේදී මතක තබා ගැනීමට හැකිවන පරිදි ඩොමේන් නාමයන් වෙත පරිවර්තනය කිරීම DNS හරහා සිදු කරනු ලැබේ.මෙම DNS සැකසුම අන්තර්ජාල සේවා සපයන්න විසින් ලබා දෙන අතර ඒ අනුව අප එදිනෙදා භාවිතා කරන වෙබ් අඩවි වෙත යැවෙනුයේ  DNS හරහාය.

ඉහත සඳහන් කල වෛරසය මගින් සිදු කරනු ලබන්නේ වෙබ් අඩවි වල සැබෑ DNS සැකසුම් වෙනස්කොට ඔවුන්ගේ ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමයි.එවිට අප වෙබ් අඩවියක නමක් ඇතුලත් කල විට ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවියකට අපව නොදැනුවත්වම රැගෙනයාම සිදු වේ.

ඒ අනුව අපගේ රහස්‍ය තොරතුරු අප කිසිදු සැකයකින් තොරව ඇතුලත් කරීමත් සමග ඒවා හැකර්වරුන්ගේ අතට පත්වේ.ලොව පුරා ඇති පරිගණක මිලියන පහකට මෙම වෛරසය පැතිරගොස් ඇත.

තවමත් ලංකාවේ මෙය පැතිරී ඇති පැමිණිලි නොලැබුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

වෛරසය පැතිරුණු පරිගණක ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වීම වැලැක්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය ලබන ජුලි මස 9 වනදා සිට වෛරසය පැතිරුණු පරිගණක අන්තර්ජාලයට සම්බන්ධවීම වලක්වනු ලැබේ.

එයට පෙර ඔබගේ පරිගණකයටත් මෙම වෛරසය පැතිරී ඇත්දැයි පහත සබැඳියෙන් බලා ගත හැක.

http://www.dns-ok.us/

එහිදී DNS Resolution = GREEN

ලෙස ලැබෙන්නේ නම් ඔබේ පරිගණකයට වෛරසය පැතිරී නැත.

DNS Resolution = RED ලැබෙන්නේ නම් වෛරසය පැතිරී ඇත.