Breaking News
Loading...
April 19, 2012

Info Post
වයස 75 සපිරෙන විට සියලූ දත් හැලීලා...වෛද්‍යවරුන්ටත් අදහන්ඩ  බැරිලු...
වසර 97ක් ඉක්මවූ වයස්ගත කාන්තාවකගේ කටේ කිරිදත් එතියි ඉතාලියේ පාදෝවා ඉල්මත්තීනෝ පුවත්පත  වාර්තා කරයි.

පදෝවා නගරයට අයත් සන්ජෝර්ජො පැර්තිකේ කුඩා ග‍්‍රාමයේ ජීවන් වන එලෙනා නොවැල්ලෝ එම කාන්තාවයි. ඇයට වයස 75 සපිරෙන විට සියලූ දත් හැලී ගියේය.

ඇගේ මිණිබිරිය වන එල්ඩා බ‍්‍රරුස්සගින් පවසනුයේ පසුගියදා තම මිත්තනිය හදිසියේ අසනීප වී දින කිහිපයක් කිසිදු ආහාරයක් නොගෙන සිටීමෙන් පසු කිරි දත් මොදුවූ බවයි. උඩ ඇන්දේ එක දතක් හා යටි ඇන්දේ දත් හතරකි.

එලේනා නොවැල්ලෝ පරීක්ෂා කල දන්ත වෛද්‍යවරුන් කීවේ තමන්ට මෙය අදහාගත නොහැකි බවයි. වෛද්‍ය උපදෙස් මත ඇය අධික ලෙස විටමින් වර්ග පාව්චිචි කරයි.